සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පති ඇප ඉල්ලයි..

Podu Jana Peramunaතමන් ඇප මත මුදා හරින්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ඇප අයඳුම්පත කරුණු තහවුරු කිරීම සඳහා හෙට (27) දින කැඳවන ලෙස  කොළඹ මහාධිකරණය නියම කර ඇත.පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියානොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

අදාළ ඇප අයඳුම්පත අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලදී. එහිදී විනිසුරුවරයා නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින අධිකරණය හමුවේ කැඳවන ලෙසයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ද ඇප ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම පෙත්සම හෙට දින කරුණු සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට