කල්පිටිය ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයක ගින්නක්..
කල්පිටිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථානයක අද (27) අළුයම් කාලයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. කල්පිටිය, පල්ලිවාසල්තුරේ, රෙඩ්බානා ග්‍රාමයේ පිහිටි සාන්ත ජුසේ වාස් මුනිදුන්ගේ දේවස්ථානයේ මෙම ගින්න හටගෙන ඇත. මේ හේතුවෙන් දේවස්ථානයේ පසුපස කොටසට අලාභහානි සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. මේ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.