සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටට භයානක 19 වන සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා එය අහෝසි කරන්න, හෙළ ජන බලය සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaපසුගිය ජනාධිපතිවරණයේදී සුළු ජාතික ඡන්දවල සහය නොමැතිව ජනාධිපතිවරණයක් ජයගත නොහැකි බවට පැවති මතය ව්‍යාජ මතයක් බවට පත්වූ බවත් නව ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතන බවත් හෙළ ජන බලය සංවිධානය අවධාරණය කර සිටියි. එම සංවිධානයේ මධ්‍ය මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙම අදහස් පළකළේ ඊයේ (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

නුවන් බැල්ලන්තුඩාව මහතා එම මාධ්‍ය හමුවේදී පහත පරිදි තවදුරටත් අදහස් පළකරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයේ අනුරාධපුර, රුවන්වැලිසෑය අභියස දිවුරුම් දීම ඉතා ප්‍රශංසනීයයි. තමන් ජයගත්තේ සිංහල බෞද්ධ ඡන්ද වලින් බව එම අවස්ථාවේ පැවසීමට තරම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කොන්ද කෙළින් තිබුනා. රටේ උරුමයන් විනාශ කිරීමට කටයුතු කළ රනිල්, හකීම්, චන්ද්‍රිකා, බදියුදීන් සහ සුමන්තිරන් වැනි පිරිස් රට සරණාගතභාවයට පත්කළා. නිසි කළමණාකාරිත්වයකින් යුතුව කටයුතු නොකිරීම නිසා පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ අවසානභාගයේදී මෙරට සිංහල බෞද්ධ ඡන්ද එම ආණ්ඩුවෙන් ඉවතට ගියා.

රටට භයානක ප්‍රතිඵල ගෙනඑන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා එය අහෝසිකිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සදහා හෙළ ජන බලය සංවිධානයේ සාමාජික වෛද්‍ය ගාමිණි ජයවීර සහ විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නෙම්සිරි ජයතිලක යන මහත්වරුන්ද සහභාගි වී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට