ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම ගැන පරීක්ෂණයක්..
ශී‍්‍ර ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක් පැහැරගෙන ගොස් තානාපති කාර්යාලයේ තොරතුරු හෙළි කරන්නැයි තර්ජනය කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ විමර්ශනයක් සිදුකරමින් තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරන්නැයි ස්විස්ටර්ලන්ත රජය විසින් මෙරටින් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වේ.