සත්‍යයේ පුවත් අඩහැරය….

රට නැවත ඒකාධිපතිවාදයට සහ සුදු වෑන් සංස්කෘතියට ගමන් කරවීම සදහා ආණ්ඩුව CID ය නිෂ්ක්‍රීය කිරීමේ උත්සහයක නිරතව සිටිනවා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කර ඇති බලපෑම හේතුවෙන් එම නිලධාරීන්ගේ ස්වාධීනත්වයට දැඩි ගැටළුකාරී තත්ත්වයක් එල්ලවී ඇති බවත් මෙම තත්ත්වය රටට අයහපතක් ඇතිකරනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. ඊයේ (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඔහු පහත පරිදි තවදුරටත් අදහස් දක්වන ලදී.

ඒකාධිපති ස්වරූපයෙන් මේ වනවිට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ බලපෑම් එල්ලවෙමින් පවතිනවා. කැලිකසළ ඉවත්කිරීමේ කටයුතු සදහා මේ වනවිට පොලිස් නිලධාරීන් යොදවලා. මේ තුළින් ඔවුන්ගේ අභිමානය බිදදමලා තිබෙන්නේ. රට නැවතත් ඒකාධිපතිවාදයට, සුදු වෑන් සංස්කෘතියට ගමන් කරවීමේ අරමුණින් තමයි මේ විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිෂ්ක්‍රීය කරන්න උත්සහ කරන්නේ.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරල මහත්මිය ද පහත පරිදි සිය අදහස් දක්වන ලදී.

අපගේ පැවති ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් විධායකයේ බලතල අඩුකිරීමට කටයුතු කළා. දැන් ඇතැම් පිරිස් පවසනවා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළයුතු බව. නමුත් ඇයි එවැනනක් කළයුත්තේ කියලා විමසිය යුතුයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන කොමිෂන් සභා ඇති කළා. ඒ තුළින් රට තුළ කෙතරම් යහපත් තත්ත්වයක් උදාවූවේ දැයි අපි හැමෝම දන්නවා. පසුගියදා තමයි මෙරට පැවති සාධාරණම සහ සාමකාමීම ජනාධිපතිවරණය පැවැත්වුනේ. එහෙම තත්ත්වයක් ඇතිවුනේ පැවති රජය විසින් සිදුකරන ලද ක්‍රියා හේතුවෙන්. 2015 ජනාධිපතිවරණය පැවති ආකාරය අපට මතකයි හොදින්ම.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් යම් චෝදනාවක් එල්ල්කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළයුතුයි. එය තමයි නියම ක්‍රමවේදය.

රටේ ආරක්ෂාව තහවුරු කළහැකි අයෙක් පත්කරගතයුතුය යන මතය ඉදිරිපත් කරමින් නව ජනාධිපතිවරයෙක් පත්වුනා. මේ වන විට ඔහු පත්වෙලා දින 10 යි ගතවුනේ. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් සුද වෑන් රථයකින් පැහැගෙන ගොස් තර්ජනය කරලා. කෝ රටේ ආරක්ෂාව. තානාපති නිලධාරිනියකට එහෙම සිදුවෙනවානම් රටේ සාමාන්‍ය ජනතාව ගැන කුමන කථාද? මෙවැනි සිද්ධීන් අපි දැඩිව හෙළා දකිනවා. කණගාටු වෙනවා ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන්.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල් විරාජ් කාරියවසම් මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට