දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි..
අද (06) දිනය තුළදී දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව උතුර, උතුරු මැද, ඌව සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක තද වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.