නුගේගොඩට අද පැය 07 ක ජල කප්පාදුවක්..
අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් නුගේගොඩ ආසන්න ප්‍රදේශ කිහිපයකට අද (11) පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව නුගේගොඩ, මිරිහාන, ඇතුල්කොට්ටේ, පිටකොට්ටේ, නාවල, උඩහමුල්ල සහ ගංගොඩවිල යන ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට අළුයම 05.00 දක්වා ජල සැපයුම අත්හිටුවෙනු ඇත.