රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු දැලේ..
රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුතු හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මොරගහහේන, කොට්ටාව ප්‍රදේශයේදී ඊයේ (13) රාත්‍රියේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබී මෝටර් රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.