සත්‍යයේ පුවත් අඩහැරය….

ආනයනික අර්තාපල් බද්ද අඩුවෙයි..

Podu Jana Peramunaආනයනික අර්තාපල් සදහා කිලෝග‍්‍රෑම් එකකට මෙතෙක් පැවති රුපියල් 50 ක විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 25 දක්වා අඩුකර ඇති බව වාර්තා වේ. මුදල් අමාත්‍යාංශය සදහන් කළේ නව රජය විසින් පත් කරන ලද ජීවන වියදම් පිළිබද අමාත්‍ය අනුකාරක කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව මුදල්, ආර්ථික හා ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මේ සදහා වන ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් එය ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන බවත් මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. මේ දිනවල වෙළද පොලේ පවතින අධික එළවළු මිල සහ දේශීය අර්තාපල් වෙළද පොලට ලැබීමට පෙබරවාරි මාසය පමණ දක්වා කල්යාම යන කරුණු සැලකිල්ලට ගෙන මෙම බදු අඩුකර ඇති බවද මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට