විදේශීය රටක ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු දැලේ..
මුන්දලම, මංගළඑළිය ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදන කරන ලද ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු ඊයේ (27) පස්වරුවේදී අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලීසියේ නිලධාරීන්ට හැකිවී තිබේ. මදුරන්කුලිය, නව ගම්මානයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. මුන්දලම පොලීසිය විසින් වැඩිදුරටත් පරික්ෂණ කටයුතු සිදුකරනු ලබයි.