සත්‍යයේ පුවත් අඩහැරය….

ජනවාරි සිට මැතිවරණ කොට්ඨාසයකින් 700 ට රජයේ රැකියා ..

Podu Jana Peramunaදිළිඳු පවුල්වල අඩු සුදුසුකම්ලාභි තරුණ පිරිස් අතරින් එක් මැතිවරණ කොට්ඨාසයකින් 700 දෙනෙකුට ලබන ජනවාරි මාසයේ සිට රැකියා ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. එමෙන්ම එම පිරිසට මසකට රුපියල් 25,000 ක වැටුපක් ලබා දෙන බවත් එයට අමතරව විශ්‍රාම වැටුප් හිමිකමද ලබා දෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන ලදී. කටුගස්තොට ශ්‍රී සිංහලාසීමාරාම විහාරස්ථානයේදී ඊයේ (29) පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පවසා සිටින ලදි.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරණ සමයේ ජනතාවට දුන් පොරොන්දුවක් අනුව දිළිඳු පවුල් නඟා සිටු වීම අරමුණු කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට