කෝටියක් වටිනා හෙරොයින් කිලෝ එකක් සමඟ සැකකරුවෙකු දැලේ..
හෙරොයින් කිලෝග්රෑම් එකක් ප්රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වව්නියාව, සෙට්ටිකුලම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කොළඹ සිට මන්නාරම දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් පරීක්ෂා කළ සෙට්ටිකුලම පොලීසියේ නිලධාරින් විසින් කිලිනොච්චිය, පුනරීන් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම හෙරොයින් තොගය රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුක්ත බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි.