සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද වනවිට රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජිවත්වීමේ අයිතිය පිළිබඳව පැහැදිලි ගැටළුවක් උද්ගත වෙලා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaඅද වනවිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජිවත්වීමේ අයිතිය පිළිබඳව පැහැදිලි ගැටළුවක් උද්ගතව ඇති අතර රටේ සංවර්ධනය පිළිබඳව විවිධ අවස්ථාවන් වලදී අදහස් දක්වන වත්මන් ආණ්ඩුව, රට සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙලක් දියත් නොකරන බවත් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. අද (31) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සන්දිත් සමරසිංහ මහතා විසිනි.

මෙහිදී ඒ මහතා පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් පළකරන ලදී.

2019 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් සමත්වූ සියළු සිසු සිසුවියන්ට පළමුවෙන්ම සුභපතන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ වේදිකාවේ දී අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් වන සියළුම සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාල වරම් ලබාදෙන බව පැවසුවත් විශ්වවිද්‍යාලවල පවතින පහසුකම් අනුව එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළනොහැකියි.

රටෙහි අනවශ්‍ය වියදම් සියල්ලම කප්පාදුකරන බව වත්මන් පාලකයින් පවසා සිටිනවා. ඒ අනුව ඔවුන් කරන්නේ ජනතා ආකර්ශණය දිනාගැනීම සඳහා මාධ්‍ය සංදර්ශනයක්. නමුත් අපගේ යහපාලන ආණ්ඩුව බලයට පත්ව ඒ වගේ මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට කටයුතු නොකර සියළුම රාජ්‍ය සේවක වැටුප රුපියල් 10000 කින් ඉහළ දැම්මා. අයහපත් කාලගුණ තත්ත්වය නිසා උතුරු නැගෙනහිර ඇතිවු ඟං වතුරෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන ලබාදීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නෑ. නමුත් පසුගිය පාලන සමය තුළ මෙවැනි ආපදා තත්ත්වයන් ඇති වු අවස්ථාවන් වලදී කඩිනමින් ජනතාවට සහන ලබාදීමට පියවර ගත්තා.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පහත පරිදි අදහස් පළකරන ලදී.

යහපාලන ආණ්ඩුවට බලයට පත්වී මුල් දින සියයක කාලය තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ජනතාව පසු විපරමක් කළයුතුව තිබෙනවා. ඒ අනුව යහපාලන ආණ්ඩුව එම කාලය තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවා. සුළුතර බලයක් පැවති තත්ත්වයකදී පවා පාර්ලිමේන්තුව නිසිලෙස පවත්වාගෙන ගියා.

අවශ්‍ය සහය ලබාදී ඇති බැවින් පාර්ලිමේන්තුව නිසිපරිදි කැඳවන්නැයි වත්මන් ආණ්ඩුවට අවධාරණය කරනවා. පසුගිය කාලය තුළ ජනාධිපතිධූරයට ඉදිරිපත්වූ සියළු අපේක්ෂකයින්, විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට පොරොන්දු ලබාදුන් නමුත් එම කිසිදු අපේක්ෂකයෙකු අදාළ පොරොන්දුව ඉටුකළේ නෑ. ඒ වුනත් යහපාලන ආණ්ඩුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ජනාධිපතිධූරයේ බලතල තරමක් අවම කිරීමට කටයුතු කළා. ආණ්ඩුව බලයට පත්ව යම් කාලයක් ගතව ඇතත් මෙතෙක් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට අසමත් වෙලා. නමුත් යහපාලන ආණ්ඩුව විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවයන්හි මිල ගණන් පහළ දමා ජනතාවට සහන ලබාදීමටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන සිදුකිරීම ආදී කටයුතු රැසක් සිදුකළා. අද වන විට එළවළු, සහල්, කරවල, ධාන්යි වර්ග ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර මෙන්ම අනෙකුත් භාණ්ඩ මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබෙන්නේ. මේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. අප නිසි සහය දී ඇති බැවින් පාර්ලිමේන්තුව කැඳවා කඩිනමින් ජනතාවට සහන සලසන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි මහ මැතිවරණයෙන් පසු පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් විශාල ලෙස ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කරාවි. මේ අනුව ඉදිරි මැතිවරණයේදී කල්පනාකාරීව සිය ඡන්දය භාවිතා කරන්නැයි ජනතාවට අවධාරණය කර සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට