ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම අද රැස්වේ..
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ සභා නායකවරයා තෝරාගැනිම මෙහිදී සිදුකෙරෙනු ඇති අතර නව රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි.