පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවයි..
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් සේවය අත්හිටුවන ලද පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා යළි සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වේ. ඒ අනුව රංගජීව මහතා පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථානයට අනුයුක්ත කරමින් සේවයේ පිහිටුවා තිබේ. පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මහතා විසින් මත්ද්‍රව්‍ය වැටලීම් ගණනාවක් සිදුකරන ලද අතර පිළියන්දල ප‍්‍රදේශයේදී සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකදී ඔහු වෙඩි ප්‍රහාරයකට ද ලක්විය.