රංජිත් සොයිසා අභාවයෙන් හිස්වූ මන්ත්‍රිධූරයේ දිවුරුම් දුන් වරුණ ප්‍රියන්ත ලියනගේ විපක්ෂයේ අසුන් ගනියි..
රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්තවීම නිසා පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා අද (05) කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. අද පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව යළි රැස් වූ විට වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා මෙසේ එම මන්ත්‍රිධූරයේ දිවුරුම්දී ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි වරුණ ප්‍රියන්ත ලියනගේ විපක්ෂයේ අසුන් ගෙන තිබේ. එමෙන්ම කථානායකවරයා විසින් විපක්‍ෂ නායකවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාව නිල වශයෙන් නිවේදනය කර ඇත.