වීසා නොමැතිව මෙරට රැඳී සිටි ස්විස්ටර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට..
ආගමන විගමන නීති උල්ලංඝණය කරමින්ති වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ස්විස්ටර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ (05) රාත්‍රි කාලයේ හික්කඩුව, මිල්ලගොඩ වත්ත ප්‍රදේශයේදී මෙම ස්විස්ටර්ලන්ත ජාතිකයින් දෙදෙනා හික්කඩුව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ස්විස්ටර්ලන්ත ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් දෙදෙනා අද (06) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නිමිතව ඇත.