ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි..
පසුගිය වසරේ පැවති 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (07) දිනයේදී අදාළ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ප්‍රතිඵල විදුහල්පතිවරුන් වෙත යොමුකරනු ඇත. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියෙන් ද විභාගයේ ප්‍රතිඵල ලබාගැනීමට හැකි බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.