සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රන්ජන්ගේ හඬපට ඉදිරිපත් කරමින් ආණ්ඩුව වෙනම ආතල් එකක් ගනිමින් සිටිනවා – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්

Podu Jana Peramunaලබාදුන් පොරොන්දු ඉටුනොකර ජනතාව රවටා ඇති වත්මන් ආණ්ඩුව, රන්ජන් රාමනායක මහතාගේ හඬපට ඉදිරිපත් කරමින් වෙනම ආතල් එකක් ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි.ඊයේ (12) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මුජිබර් රහුමාන් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා පහත පරිදි තවදුරටත් අදහස් පළකරන ලදී.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගෙවීගිය කාලය තුළ ඔවුන් බලයට පැමිණෙන විට ලබාදෙන ලද ජීවන බර පහත හෙළීම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කිරීම, මහබැංකු මංකොල්ලය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු පොරොන්දු රැසක් ඉටුකරලා නෑ. ආණ්ඩුවට ඡන්දය දුන් හැට නව ලක්ෂයක ජනතාවත් මේ වනවිට එය පිළිගෙන තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන වෙත ගොස් රඟපෑමක නිරතවෙමින් සිටිනවා. හිටපු අමාත්‍යවරුන් සිරගත කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම පමණයි ආණ්ඩුව මේ වනවිට කර තිබෙන්නේ. අපගේ ආණ්ඩුව සමයේ දී හම්බන්තොට වරාය විකුණා දමන බවට චෝදනා කළ වත්මන් ආණ්ඩුව, ෂැන්ග්‍රිලා හෝටලය ආශ්‍රිත අක්කර 03 ක පමණ ප්‍රමාණයක් වසර 99 ක් සඳහා බදු දීමට තීරණය කරලා. අපේ ආණ්ඩුව එසේ කරන විට රටේ සම්පත් විකුණා දමන බවට චෝදනා කරමින් ජනතාව රැවටූ වත්මන් ආණ්ඩුවේ පිරිස් මේ ආකාරයට කටයුතු කළත් කිසිවෙකුත් ඒ පිළිබඳ අදහස් දක්වන්නේ නෑ.

පැවති ආණ්ඩුව, ගැබිණි මාතාවන්ට ලබාදෙන ලද රුපියල් 2500/- ක බඩු මල්ල ලබාදීම ද මේ වනවිට අත්හිටුවා තිබෙන්නේ. මෙම ජනවාරි මස රාජ්‍ය සේවකයින්ගේ වැටුපට එක්විය යුතුව තිබූ රාජ්‍ය සේවකයන්ට අප විසින් ලබාදෙන ලද රුපියල් 10000/- ක වැටුප් වැඩිවීමේ ඉතිරි කොටස මෙන්ම විධායක නිලධාරීන්ට ලබාදීමට නියමිතව තිබූ රුපියල් 15000/- ක දීමනාවත් ලබානොදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මේ වනවිට රාජ්‍ය සේවක අතිකාල කප්පාදු කරලා. මේ ආකාරයට පොරොන්දු කඩකිරීම් වසාගැනීමට රන්ජන් රාමනායක මහතාගේ හඬපට ඉදිරිපත් කරමින් ජනතා මනස විකෘති කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

රාජ්‍ය සේවකයින්ගෙන් පළිනොගන්නා බව වත්මන් ආරක්ෂක ලේකම්වරයා පැවසුවත් මේ වනවිට සමෘද්ධි, ඛනිජ තෙල් සංස්ථා, අධ්‍යාපන, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ආදී ආයතන රැසක සේවකයින් විශාල පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරලා. ඒ අනුව පෙනීයනවා 2015 වසරට පෙර පැවති තත්ත්වයටම යළිත් රට ගමන් කරමින් තිබෙන බව. අට පාස් පිරිස් පාර්ලිමේන්තුවට පත්කර නොගන්නැයි වියත් මඟ සංවිධානයේ සාමාජික දයා රත්නායක මහතා විසින් පසුගිය දිනෙක පවසා තිබුනා. එවැන්නක් පැවසුවේ කාහටදැයි මෙන්ම එසේ අට පාස් පිරිස් කවුරුන්දැයි විමසා සිටිනවා. ඒ වගේම එම ප්‍රකාශයෙන් ඉලක්ක කරන ලද්දේ ආණ්ඩුවේම සිටින පිරිසකටදැයි ද ඇසිය යුතුයි.

වියත් මඟ සංවිධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර මේ වනවිට යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බවක් පේනවා. ජනාධිපතිවරයා කටයුතු කරන්නේ වියත් මඟ සංවිධානයේ සාමාජිකයින්ගේ අදහස් වලට අනුව. ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණ ඇතිව වියත් මඟ සංවිධානය මේ ආකාරයට කටයුතු කරනවා වියහැකියි. ඒ අනුව ඉදිරියේදී තව තවත් දේ හෙළිවේවි. එක්සත් ජාතික පක්ෂය තුළ ද යම් අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ නම් ලබන බ්‍රහස්පතින්දා වනවිට එම අර්බුදකාරී තත්ත්වයන් විසඳාගැනීමට කටයුතු කරනවා. ඥාති සංග්‍රහයට ඉඩ ලබානොදෙන බව වියත් මඟ සංවිධානය විසින් පවසා ඇති නමුත් මේ වනවිට රාජපක්ෂ පවුලේ ඥාතීන් ඇතුළු හිතවතුන්ට යම් යම් ආයතනයන්හි තනතුරු ලබාදී තිබෙනවා. මෙය ඥාති සංග්‍රහය නොවේදැයි වියත් මඟ සංවිධානයෙන් විමසා සිටිනවා. ඒ අනුව ආච්චිලා සහ සීයලාට ඉදිරියේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිත්වය පවා ලබාදෙනු ඇති බවට සැක මතුවන බව.

එක්සත් ජාතික පක්ෂය ස්ථාන දෙකකදී මාධ්‍ය හමු පැවැත්වුවත් ඒ සියළු මාධ්‍ය හමු තුළින් ප්‍රකාශ වන්නේ පක්ෂයේ මතයමයි. රන්ජන් රාමනායක මහතා විසින් සිදුකර ඇති දෙය වරදක්. එය හොඳ තත්ත්වයක් ලෙස පිළිගන්න බෑ. එය අනුමත කරන්නේ නෑ. මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම වියත් මඟ සංවිධානයට ද නාම යෝජනා ලබාදීමට සිදුවනු ඇති නිසා ආණ්ඩුව තුළ දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවේවි. එය එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයක් වේවි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට