සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයාමටයි – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaආණ්ඩුව තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයාමට බවත් බලයට පැමිණීමේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට වත්මන් ආණ්ඩුවට මෙතෙක් නොහැකිව ඇති බව එක්සත් ජාතික පක්ෂයය අවධාරණය කර සිටියි. අද (13) සිරිකොත පක්ෂස මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදි හෙට්ටිආරච්චි මහතා පහත පරිදි මාධ්‍යයට අදහස් පළකරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සිය ඡන්දය ලබාදෙන ලද්දේ බඩු මිල අඩුකිරීමට නොවේ යැයි රාජ්‍ය අමාත්‍යවරයෙකු පසුගිය දිනෙක පවසා තිබුනා. මේ වනවිට භාණ්ඩ මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළගොස් ජනතාව දැඩි පීඩාවට පත්වෙලා.

බලයට පැමිණ භාණ්ඩ මිල පහළ දමා ජනතාවට සහන ලබාදෙන බව වත්මන් ආණ්ඩුවේ පිරිස් පසුගිය ජනාධිපතිවරණ වේදිකා තුළ පැවසුවත් අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කර නෑ. ඉදිරි මහමැතිවරණයේදී ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නැයි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුනා. ජනතාව වෙනුවෙන් සේවයක් කළ හැක්කේ එසේ බලයක් ලැබුනු විටදී බව තමයි උන්වහන්සේ පවසා ඇත්තේ.

ජනතාවාදී වැඩපිළිවෙලකට අප සූදානම් බැවින් ජනතාවට සහන ලබාදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය ලෙස පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට අවශ්‍ය සහය දෙනවා. ඒ අනුව අයවැයක් ඉදිරිපත් කර ජනතාවට සහන දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ජනතාවට සහය ලබාදෙන්නේ නම් ඊට කිසිදු බාධාවක් නොකර අවශ්‍ය සහය ලබාදෙන බව රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් විසින් ද පවසා තිබෙනවා.

රටට අවශ්‍ය ඒකාධිපති පාලනයක් කියලා ආණ්ඩුවේ ඇතැම් පිරිස් මේ වනවිට පවසන නමුත් පසුගිය ජනාධිපතිවරණ සමයේදී එම පිරිස් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය‍ පිළිබඳවයි. ඉදිරි මැතිවරණයේදී තමන්ට තුනෙන් දෙකක බලයක් ලබාදෙන්නැයි ආණ්ඩුව ඉල්ලන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඒකාධිපති පාලනයකට රට ගමන්කරවීමට බව පැහැදිලියි.

මහපොළ ශිෂ්යාකධාරය රුපියල් 10000/- ක් දක්වා වැඩිකර නොමැති නිසා විශ්වවිද්‍යාල සිසුන් ද මේ වනවිට වීථි බැස විරෝධතා පවත්වනවා. පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවන්ට අපගේ ආණ්ඩුව විසින් ලබාදෙන ලද සහන සියල්ල කප්පාදු කිරීමට ආණ්ඩුව කටයුතු කරලා. අපගේ ආණ්ඩුව කිසිදු විටෙක රාජ්‍ය සේවකයින්ගෙන් පළිගැනීමට කටයුතු කළේ නෑ.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා ද පහත පරිදි අදහස් පළකරන ලදී.

ඇතැම් රාජ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සඳහා රාජපක්ෂවනේගේ ඥාතීන් පත්කරලා. මැතිවරණ කොමිෂන් සභාව තුළ භාවිතා කරන මෘදුකාංග පද්ධතිය, පුද්ගලික සමාගමක් මඟින් ලබාගන්නා ලද්දක්. ඒ පුද්ගලික ආයතනයේ ප්‍රධානියා වන ආචාර්ය සංජීව වීරවංශ යන අය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයෙකු වන, පසුගිය සමයේ මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු තුළ වසන්ත දේශප්‍රිය මහතා එකට සිටින ඡායාරූප පවා තිබෙනවා.

ඔවුන් දෙදෙනාම විද්‍යා හා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක‍්ෂ මණ්ඩලයට පත්කරලා. ආචාර්ය සංජීව වීරවංශ යන අය පිළිබඳ අපට කිසිදු ගැටළුවක් නෑ. නමුත් ගැටළුව ඇත්තේ පසුගිය සමයේදී මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධවී කටයුතු කරන ලද මෙම පුද්ගලයා මෙවැනි තනතුරකට පත්කිරීමයි. මෙය ඉදිරියේදී පවත්වන මැතිවරණ වලදී සිදුවිය හැකි යම් කූඨ වැඩපිළිවෙලක ආරම්භයක් වියහැකියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට