සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එ.ජා.ප පිරිසක් මහ මැතිවරණයේදී රජයට සහය දෙයි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…

Podu Jana Peramunaබදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 ක් ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි. ඒ අනුව බදුල්ල ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ පේරවැල්ල මලපොල වෙලමැදගම යන ප්‍රදේශවල ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයින් 400 දෙනෙකු පමණ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වී ඉදිරි මහ මැතිවරණයේදී රජයට සහාය පළ කරන බව සදහන් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඇත. වසර ගණනාවක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළත් තමන් හෝ තම ප්‍රදේශයට කිසිදු යහපතක් අත් නොවුනු බව ඔවුන් සදහන් කළහ.

මෙහිදි අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ එක්සත් ජාතික පාක්ෂිකයින් රජයට සහාය පළ කළේ කිසිදු ලාභයක් අපේක්ෂාවකින් නොවන බවයි. ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සදහා එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන් සාදරයෙන් පිළිගත යුතු බවත් අමාත්‍යවරයා පැවසීය. එක්සත් ජාතික පාක්ෂිකයින් යනු අපේම ගම්වල ජීවත් වන මිත්‍රයින් වන බැවින් ඔවුන් සමග එක්ව කටයුතු කිරීම පහසු කටයුත්තක් බවද සදහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එක්ව ගොඩ නගන සංධානය ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට