නායකත්වය කාටද? එ.ජා.ප.යේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් විශේෂ රැස්වීමක් අද..
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (16) පස්වරුවේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ අරමුණ ඇතිව මෙම විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (15) දිනයේදී ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබේ.