සත්‍යයේ පුවත් අඩහැරය….

මහමැතිවරණයට පොහොට්ටුව ලකුණ නැතුව බෑ, පොදුජන පෙරමුණෙන් මතයක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව සළකුණ අත්නොහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඇති කරගන්නා සන්ධානයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරගැනීම පිළිබඳ ගැටළුවක් නොමැති වුව ද පොහොට්ටුව සලකුණ අතහැරීමට එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිපදෙනෙකු පවසා ඇත. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කළ යුතුව ඇති අතර එහිදී පොහොට්ටුව සළකුණ යොදාගැනීම, මතභේදාත්මක තත්ත්වයක් ඇති කරන්නක් වියහැකි බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකු ඉහත පරිදි සිය අදහස් දක්වා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට