සත්‍යයේ පුවත් අඩහැරය….

තෙල් සංස්ථාවෙන් සපයන ඉන්ධන සීමාව වැඩිකරගැනීමට විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන සීමාව රුපියල් බිලියන 90 ක් දක්වා වැඩිකිරිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් විදුලි බල අමාත්‍යවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 80 ක සීමාවකට යටත්ව ඉන්ධන සපයන නමුත් එම සීමාව ඉක්මවමින් රුපියල් බිලියන 84 ක් දක්වා ඉන්ධන සපයා ඇතැයි වාර්තා වෙයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය වෙත ඉන්ධන සපයන්නේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකිනි. ඒ අනුව එම සීමාව ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගැනීමට කටයුතු කරන්නැයි විදුලිබල නිලධාරින්, විදුලි බල අමාත්‍යවරයාට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2020
M T W T F S S
« මාර්තු    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට