සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය මහතා විශ්වාස කළ ජනතාවට ඉතිරිව ඇත්තේ සහෝදර සහ ඥාති සංග්‍රය පමණයි – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaගෝඨාභය රාජපක්ෂ මහතා රට නිසි මඟට ගනු ඇතැයි විශ්වාස කළ ජනතාවට මේ වනවිට ඉතිරිව ඇත්තේ එතුමාගේ සහෝදරයින් තිදෙනාට විවිධ තනතුරු හිමිවීම සහ සියයට හැත්තෑවකටත් වඩා රජයේ තනතුරු හිතවතුන්ට, ඥාතීන්ට හිමිවීම පමණක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. අද (16) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කුමාරි ජේරත්න මහත්මිය විසිනි.

මෙහිදී තවදුරටත් අදහස් පළකරමින් විජේරත්න මහත්මිය පහත පරිදි අදහස් දක්වන ලදී.

වත්මන් ආණ්ඩුව රටේ උගත් පිරිස්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු ජනතාව රැවටීමට ලක්කරලා තිබෙන්නේ. ෂැන්ග්‍රීලා හෝටලය ආශ්‍රිත අක්කර 03 ක පමණ ප්‍රමාණයක් සහ ලේක් හවුස් ආයතනය ඉදිරිපිට පිහිටා ඇති කොළඹ ප්‍රධාන රථගාලට අයත් අක්කර 06 ක ප්‍රමාණයක් සිංගප්පූරු සමාගමකට විකුණාදැමීමට කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. නමුත් අපිට චෝදනා කළා පහුගිය ආණ්ඩුව සමයේදී ඒ භූමිය කැසිනෝ ව්‍යාපාරයක් වෙනුවෙන් ලබාදීමට කටයුතු කරන බවට. මේ වනවිට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ජනතාව දැඩි පීඩාවකට පත්වෙලා. පොහොර සහනාධාරය ලබාදෙන බව වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට පැවසුවත් මේ වනවිට ගොවීන්ට පොහොර සහනාධාරය ලැබිලා නෑ. මුදලට මිලදී ගැනීමට හෝ පොහොර නෑ දැන්. වගා කටයුතු නිසිපරිදි සිදුකරගැනීමට ගොවීන්ට බැරිවෙලා මේ නිසා.

පාසල් දරුවන්ට ලබාදෙන ලද නිල ඇඳුම් වවුචරයේ වටිනාකම ප්‍රමාණවත් නැති නිසා රුපියල් සියයක් අතින් වැය කර නිල ඇඳුම් ලබාගැනීමට සිදුවූ බවට වත්මන් ආණ්ඩුවේ පිරිස්, එවකට අපගේ ආණ්ඩුවට චෝදනා එල්ලකළා. නමුත් ආණ්ඩුව විසින් මේ වනවිට ලබාදී ඇති නිල ඇඳුම් වවුචරයේ වටිනාකම රුපියල් තුන්සිය විසිපහක්. ඒ නිසා රුපියල් හයසියයක පමණ මුදලක් වැයකර නිල ඇඳුම් ලබාගැනීමට ජනතාවට සිදුවෙලා තිබෙනවා. රාජ්‍ය සේවක අතිකාල දීමනා මේ වනවිට කප්පාදු කරලා.

අපේ ආණ්ඩුව විසින් බඳවාගන්නා ලද රාජ්‍ය සේවකයින්ගෙන් ස්ථිර කර නොමැති සේවකයින් රැකියාවෙන් ඉවත් කර නව පත්වීම් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා. රජයේ රැකියා ලක්ෂයක් ලබාදෙන බව ආණ්ඩුව පැවසුවා. ඒක කරන්නේ අපගේ ආණ්ඩුව විසින් රාජ්‍ය සේවයට බඳවාගන්නා ලද පිරිස් එම රැකියාවලින් ඉවත්කරමින් දැයි විමසනවා. මෙය දේශපාලන පළිගැනීමක්. අපගේ ආණ්ඩු සමයේදී මෙවැනි දේශපාලන පළිගැනීම් සිදුකළේ නෑ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ රාජකාරි වල නිරතවූ රාජ්‍ය සේවකයින්ට හිමිවිය යුතු අදාළ දීමනා මෙතෙක් ගෙවා නෑ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි කළයුතුව ඇත්තේ ණයටද කියලා එම රාජ්‍ය සේවකයින් විමසනවා අපෙන්. අද පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලය රැස්වෙනවා. පක්ෂයේ සියළුදෙනාම ඒකරාශි කරගනිමින් ජයග්‍රාහී ගමනක් යාමට බලාපොරොත්තු වනනා. ඒ අනුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්කරන ඕනෑම නායකයෙකු සමඟ පක්ෂය දිනවන වැඩපිළිවෙලකට සහය පළකරනවා. ඒ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට පත්වන නායකයාට සහය ලබාදෙනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සංදීත් සමරසිංහ මහතා ද සහභාගිවූ අතර පහත පරිදි අදහස් දැක්වීය.

අද වනවිට රට තුළ මාධ්‍ය නිදහස නෑ. අපගේ ආණ්ඩු සමයේදී රට තුළ මාධ්‍ය නිදහස උපරිම වශයෙන් ක්‍රියාත්මක වුනා. වත්මන් ආණ්ඩුව මාධ්‍ය මර්දනය දියත් කරමින් සිටිනවා. ඇතැම් සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ආණ්ඩුව වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බවක් පෙනීයනවා. එම පිරිස් රටේ අනෙක් ප්‍රවෘත්ති ජනතාවට ලබානොදීමට කටයුතු කරමින් සිටිනවා. ජනතාවට ලබාදෙන ලද පොරොන්දු ඉටුනොකර, ඥාතීන්ට සහ හිතවතුන්ට රටේ විවිධ තනතුරු ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරලා. ජනතා ගැටළු සඳහා මාර්තු මාසයේ පවත්වන මහමැතිවරණයෙන් පසුව විසඳුම් ලබාදෙන බව ආණ්ඩුව දැන් පවසනවා. මෙය ජනතාව යළිත් රැවටීමක්. ජනතාව රවටා යළි ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට ආණ්ඩුව උත්සහ කරන බව මෙමඟින් මනාව පැහැදිලි වෙනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට