සත්‍යයේ පුවත් අඩහැරය….

කිලිනොච්චිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි..

Podu Jana Peramunaකිලිනොච්චිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී මෝටාර් උණ්ඩයක්, බිම් බෝම්බ කිහිපයක් ඇතුළු පුපරණ ද්‍රව්‍ය තොගයක් තොගයක් හමුවී ඇති බව වාර්තා වේ. ඊයේ (16) දහවල් කාලයේ කිලිනොච්චිය, ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ගෙවත්තක තිබී අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය හමුවී ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය තිබූ ඉඩමේ හිමිකරු විසින් ගෙවත්ත පිරිසිදු කරමින් සිටි අවස්ථාවේ පුපුරණ ද්‍රව්‍ය දැක ඒ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසියට දැනුම් දී තිබේ. ඒ අනුව සොයාගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කර තිබේ. මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට