සත්‍යයේ පුවත් අඩහැරය….

තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදී ගෞරවාන්විතව ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළයුතුව තිබෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා

Podu Jana Peramunaපක්ෂය තුළ දේශපාලනය වෙනසක් මෙන්ම නායකත්වයේ ද වෙනසක අවශ්‍යතාවය දැඩිව මතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතැති පාර්ශවය අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹ 07 පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. අජිත් පී. පෙරේරා මහතා මෙහිදී පහත පරිදි තවදුරටත් අදහස් පළකළේය. එක්සත් ජාතික පක්ෂය සඳහා නව ප්‍රතිපත්තියක්, නව දැක්මක්, නව නායකත්වයක් මෙන්ම වෙනසක් අවශ්‍යව තිබෙනවා. නමුත් එවැන්නක අවශ්‍යතාවයක් වත්මන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති බව පේනවා. පක්ෂය තුළ වෙනසක් ඇතිවිය යුතුව තිබෙන බව පක්ෂයේ සංවිධායකවරුන් ඇතුළු බහුතර පිරිසකගේ අදහස බවට පත්ව තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සදාකල්ම කටයුතු කළයුතුව ඇති බව සුළු පිරිසකගේ පමණක් අදහසවී තිබෙන නමුත් තරුණ නායකත්වයකට අවස්ථාව ලබාදී ගෞරවාන්විතව පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළයුතුව තිබෙනවා. ගෝලීය ලිබරල්වාදය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදහස් පළකරන රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අවධානය යොමුකරන්නේ නෑ. පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ විසඳුමක් ලැබේවි. පක්ෂයේ වෙනසක් සිදුවිය යුතුය යන්න සුළුතර මතය නොව පක්ෂයේ බහුතර මතය බව ඊයේ පෙන්වා දීමට හැකිවූනා. මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පහත පරිදි සිය අදහස් දක්වන ලදී. මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා ඊයේ පැවති පාර්ලිමෙන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී. රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගම් මට්ටමින් මෙන්ම පක්ෂයේ නියෝජිතයින් අතර විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ සාකච්ඡාවේදී පවසා සිටියා. රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේ පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුනොවන බවයි. ඉදිරි මහමැතිවරණයේ දී අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ කවුරුන්දැයි විමසුවත් රනිල් වික්‍රමසිංහ මහතා ඊට නිසි පිළිතුරක් දුන්නේ මේ වනවිට ආණ්ඩුව විපක්ෂය දඩයම් කිරීම අරඹා තිබෙන්නේ. ආණ්ඩුව, පුද්ගලිකව පවා ගැටළු ඇතිකිරීමටත් උත්සහ කරමින් සිටිනවා. රාජපක්ෂ කඳවුර සමඟ අපගේ කිසිදු සම්බන්ධතාවයක් නෑ. මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරේන් ප්‍රනාන්දු, චන්ද්‍රනි බණ්ඩාර සහ නලීන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට