සත්‍යයේ පුවත් අඩහැරය….

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරුවීම් ..

Podu Jana Peramunaවහාම ක්‍රියාත්මකවන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු වීම් සිදු කර ඇත. පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අදාළ ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව වාර්තා වේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 07 දෙනෙක්, පොලිස් අධිකාරීවරුන් සිව්දෙනෙකු සහ සහකාර පොලිස් අධිකාරීවරු දෙදෙනෙකු මෙලෙස ස්ථාන මාරුවීම් සිදුකර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන එස්.සමුද්‍රජීව, ආර්.එච්.එස් මාසිංහ, පී.පී ජයකොඩි, කේ.බී කීර්තිරත්න, ඒ.ජී.ඩී වීරසේකර, ඕ. හේවාවිතාරණ සහ පී.එම්.කේ.ඩී පලිස්කාර යන මහත්වරුන් ස්ථාන මාරුවීම් සිදුකර ඇති බව සඳහන් වේ. මීට අමතරව පොලිස් අධිකාරීවරුන් වන එම්.සී සෝමසිංහ, ජී.එච් ප්‍රශාන්ත, ඩී.එස් වික්‍රමසිංහ, පී.එන් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරීවරුන්වන එම්.සී සෝමසිංහ, එස්.ජී සතරසිංහ යන මහත්වරුන් මෙලෙස ස්ථාන මාරුවීම් සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට