සත්‍යයේ පුවත් අඩහැරය….

ජල ගාස්තු ඉහළ යන ලකුණු ..

Podu Jana Peramunaජල ඒකක 15ට වඩා පරිභෝජනය කරන පුද්ගලයින්ගේ ජල ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.ඒ මහතා පවසා සිටින්නේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවය. ජලය සැපයීම සඳහා වැය වන පිරිවැය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් සහ මහා පරිමාණ කර්මාන්තකරුවන්ගෙන් අය කරන ලබන ජල ගාස්තු ප‍්‍රමාණවත් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. ජල ඒකක 15 ට අඩුවෙන් පරිභෝජනය කරන අඩු ආදායම් ලාභී ජනතාවට මින් කිසිඳු බලපෑමක් සිදු නොවන බව ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් පවසයි. මේ වන විට ජනතාවට ලබා දෙන පිරිසිදු කරන ලද ජලය විවිධ අනවශ්‍ය දේ සඳහා යොදා ගනිමින් ඇති බවත් ඒ සඳහා වැසි ජලය භාවිතා කිරීමට හුරු කර යුතුව ඇති බවත් සඳහන් කරන ලදී. පානීය ජලය පානීය නොවන දේවල් සඳහා යොදා ගනිමින් අපතේ හැරීම විශාල අපරාදයක් බවත් හෙතම පෙන්වා දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට