සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල්,සජිත්,කරු විශේෂ සාකච්ඡාවක් අද ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.ඒ, එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන්. බොහෝ දුරට අද දිනයේදී මෙම ගැටලූවට විසඳුමක් ලබාගත හැකි වනු ඇතැයි පක්ෂයේ මන්තී‍්‍රවරුන් විශ්වාසය පළ කර සිටිනවා. කෙසේවෙතත්, එළඹෙන මහමැතිවරණයට තරග කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලපෑමක් එල්ල නොකරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම ඊයේ (19) දින පවසා සිටින ලදී. පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ සඳහන් කළේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ජනරැළි මාලාව ලබන බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට නියමිත අතර ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් එම කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු කථානායක කරු ජයසූරිය මහතා හමු වී ඉකුත් දා විශේෂ සාකච්ඡාවක ද නිරත වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට