සත්‍යයේ පුවත් අඩහැරය….

හඬපට සම්බන්ධ තොරතුරු පමණක් විකාශනය නොකර රටේ අනෙකුත් ගැටලූත් ජනතාවට වාර්ථා කිරීම මාධ්‍යට හිමි වගකීමක්, හේෂා විතානගේ…

Podu Jana Peramunaවර්තමානයේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව සහ ඊ‍යේ (21) දින පාර්ලිමේන්තුවේ දී ඇති වු සිද්ධිය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා අද දින විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදි. මෙම මාධ්‍ය හමුව සදහා හේෂා විතානගේ, චමින්ද විජේසිරි සහ චන්දිම ගමගේ යන මන්ත්‍රිවරුන් සහභාගී විය. එහිදී අදහස් දක්වමින් හේෂා විතාරණගේ මහතා සදහන් කරන ලද්දේ රට තුළ පවතින උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තුළ සිදුවන සිද්ධින් පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමට අයිතියක් පවතින බැවින් එම සිද්ධින් පිළිබඳව නිවැරදි ලෙස වාර්තා කිරීම මාධ්‍ය මඟින් සිදු කළ යුතු වුවත් එය සිදුනොවන බවත්ය. එම නිසා වැදගත් රාජකාරියක් සිදුකරනු ලබන මාධ්‍ය ආයතනයන් සිය වගකිම මෙන්ම යුතුකම පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු අතර පා.ම රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබඳව පමණක් අවධානය යොමු නොකර දිනෙන් දින එම හඬපට පමණක් සමාජගත කිරීමට කටයුතු නොකර වැදගත් තොරතුරු ජනතාවට සන්නිවේදනය කිරීමට කටයුතු කරන ලෙස මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටින ලදි.

රන්ජන් රාමනායක මහතාගේ හඬපට යොදා ගනිමින් ආණ්ඩුව රට තුළ පවතින සැබෑ ප්‍රශ්න අමතක කරමින් කටයුතු කරන බවත් එම සිද්ධිය තුළින් රන්ජන් රාමනායක මහතා වීරයෙක් බවට පත් කිරීමට කිසිදු පුද්ගලයෙකු කටයුතු නොකළ යුතු අතර රාජ්‍ය නිලධාරීන් සිය රාජකාරි ඉටුකරනු ලබන ආකාරය කෙලෙසද යන්න පිළිබඳව එතුමා එම හඬපටවලින් සමාජයට හෙළි කිරීමට කටයුතු කර ඇති බැවින් ආණ්ඩුව සිදුකළ යුතුවන්නේ රාජ්‍ය ආයතනයන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට නිසි ලෙස කටයුතු කිරීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් සකස් කිරීම මිස එම හඬපට යොදාගෙන දේශපාලනික වශයෙන් දෝෂාරෝපණ කිරීම නොවන බවට අවධාරණය කර ඇත.

එම නිසා දිනෙන් දින එක් එක් හඬපටය සමාජගත කරමින් දේශපාලනික වශයෙන් කටයුතු නොකර මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂාම කිරීමට කොමිසමක් පත් කිරීමට කටයුතු කර හඬපටවල සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනිම මිස එම සිද්ධිය සිය පුද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් සහ බලය ආරක්ෂාත කරගැනීමට යොදා නොගන්නා ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුවෙන් ඉල්ලීමක්සි කරන ලදි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ප්‍රධාන මාතෘකා දෙකක් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අදහස් දැක්වීම සිදුකළ බවත් ඒ අනුව මහබැංකු මුල්යන වංචාවට සම්බන්ධ සියළුම පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළුම දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බවට පවසා සිටියත් බලයට පත්ව මාස 02 ට අධික කාලයක් මේ වන විට ගතව ඇතත් මේ දක්වා එම සිද්ධින් පිළිබඳව සොයා බැලීම සදහා අවශ්‍ය මූලික පියවරක් ගෙන නොමැති බවද අවධාරණය කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට