සත්‍යයේ පුවත් අඩහැරය….

සමන් රත්නප්‍රිය, පාර්ලිමේන්තුවට ..

Podu Jana Peramunaජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කිරිමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳව අද(23) දිනයේ ලිඛිතව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙඳ නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලබන වාත්තීය සමිති නායකයෙක් වේ. එක්සත් ජාතික පක්ෂ  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෙබ වූ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඊයේ(22) සිය මන්ත්‍රී  ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කථානායකවරයා වෙත භාරදුන් අතර ඒ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් අදාල මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට