සත්‍යයේ පුවත් අඩහැරය….

දුප්පත්කම තුරන් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ..

Podu Jana Peramunaදරිද්‍රතාවය තුරන් කිරිම සහ ජිවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් එස්.බී දිවාරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු කාර්යය සාධක බලකාය සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සාමාජිකයින් 12 දෙනෙකු නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. එහි සෙසු සාමාජිකයින් ලෙස වී. සිවඥානසෝති, මහාචාර්ය එච්.එම්.ඩබ්ලිව් ආරියරත්න හේරත්,මහාචාර්ය ශිරන්ත හේන්කෙන්ද, ආචාර්ය එස්.එස්. සිවකුමාර්, නිමල් අබේසිරි, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, විශේෂඥ වෛද්‍ය සංජීවනි හපුගොඩ, විශ්‍රාමික මේජර් ජෙනරාල්  සුමේධ පෙරේරා, ගයත්‍රි ගුණරුවන්,සංජීව ගුණවර්ධන සහ සමන්ත කුමාරසිංහ යන මහත්ම මහත්මීන් නම් කර ඇත. වතු හා නාගරික අඩු ආදායම්ලාභි ජනතාවගේ නිපුණතා, සුවිශේෂිතා හා සක්‍යතා මෙන්ම දුර්වලතා හා අභියෝග නිසි තක්සේරුවකට ලක් නොවිම හේතුවෙන් දරිද්‍රතාව ඉහළ ගොස් ඇති බැවින්ව “සෞභාග්‍ය දැක්ම” රාජ්‍ය ප්‍රතිපත්තිය මගින් “සුරක්ෂිත රටක්”, “සෞභාග්‍යමත් දේශයක්” “ඵලදායි පුරවැසියන්”, “සතුටින් ජිවත් වන පවුලක්”, යන තේමා යටතේ එකම දැක්මක් තුළ දේශය ගොඩනැගීමේ වැඩපිළීවෙලක් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. මෙම කාර්යය සාධක බලකායේ සාමාජිකයින්ගේ විචක්ෂණභාවය, විශ්වාසවන්තභාවය, පදනම්ව අදාල වැඩපිළිවෙලට නිසි නිර්දේශ ඉදිරිපත් කරනු ඇති බවට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට