සත්‍යයේ පුවත් අඩහැරය….

වී මිලදි ගැනීමට ත්‍රිවිධ හමුදාව යොදවනවා – ජනාධිපති ..

Podu Jana Peramunaමෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කි‍්‍රයාවලිය විධිමත්ව හා කඩිනම්ව ක‍්‍රියාත්මක කිරීමට ති‍්‍රවිධ හමුදාව දායක කර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මහ කන්නයේ ප‍්‍රමිතියෙන් යුත් වී කිලෝවකට රුපියල් 50 ක අවම සහතික මිලක් දැනටමත් ඒ අනුව ප‍්‍රකාශ කර ඇත. ප‍්‍රමිතිය සම්පූර්ණ කර නොමැති වී කිලෝවක් සඳහා රුපියල් 44 ක මිලක් නියම කර ඇත. ගොවින්ගෙන් මිලදි ගන්නා වී වෙනුවෙන් ගොවීන්ගේ බැංකු ගිණුමට එදිනම මුදල් බැර කෙරෙනු ඇති අතර අදාළ බැංකු දින 07 ම විවෘතව තැබිය යුතු බවට ද දැනුම් දී ඇත. වී මිලදී ගැනීම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 100 ක්. අපේක්ෂිත වී අස්වැන්න මාස 08 ත් 09 ත් අතර කාලයක සහල් පරිභෝජනය සඳහා ප‍්‍රමාණවත් වනු ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසයි. කෘෂිකර්මාන්තයේ නිරත ගොවීන් ශක්තිමත් කර රට සහලින් ස්වයංපෝෂිත කිරීම රජයේ මූලික අරමුණ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මෙම වැඩසටහන සාර්ථකව දියත් කිරීමෙන් එළඹෙන අලූත් අවුරුද්දට පෙර කෘෂිකාර්මික ප‍්‍රදේශවල ආදායම් සංසරණය වැඩි වෙතැයි රජය අපේක්ෂා කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට