සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව බලයට ගෙන ආ ජනතාව අද ගලේ පහරපු බළලුන් සේ සිටිනවා – එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවට බලයට පැමිණීම සඳහා සිය ඡන්දය ලබාදුන් ජනතාවට සහ ආණ්ඩුව වෙනුවෙන් අදහස් දක්වන ලද ස්වාමීන් වහන්සේලාට අද වනවිට ගලේ පහරපු බළලුන් සේ කටයුතු කිරීමට සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂා පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා අවධාරණය කර සිටියි. අද (05) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී අජිත් මාන්නප්පෙරුම මහතා මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පහත පරිදි අදහස් පළකළේය.

බලයට පැමිණීම සඳහා ජනතාවට ලබාදෙන ලද පොරොන්දු ඉෂ්ඨ කරන්නේදැයි වත්මන් ආණ්ඩුවෙන් විමසා සිටීමට සිදුවෙලා. ඒ අනුව ආණ්ඩුව බලයට පත්ව ඇත්තේ ජනතාවට ව්‍යාජ පොරොන්දු ලබාදී බව මනාව පැහැදිලි වනවා. බලයට පත්වී ගතවී ඇති කෙටි කාලය තුළ ආණ්ඩුව රට වෙනුවෙන් කිසිදු කාර්යයක් සිදුකරලා නෑ.

පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිදුවීම, රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම මෙන්ම රන්ජන් රාමනායක මහතාගේ හඬපට ආදි සිදුවීම් කරළියට ගෙනඒමට කටයුතු කළ ආණ්ඩුව, මේ වනවිට කොරෝනා වෛරසය අල්ලාගෙන ජනතාව මුහුණදී ඇති සැබෑ ගැටළු සඟවා හොරාකමින් සිටිනවා. ඒ අනුව රට අඳුරට ගමන් කරමින් තිබෙන බව පෙන්වා දියහැකියි.

ආණ්ඩුව ගොඩ ගියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසයි. ඒ සිදුවීම සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් සිදුකරන බව පැවසුවත් ආණ්ඩුව මෙතෙක් එවැනි සොයාබැලීමක් සිදුකර නෑ. පාස්කු ප්‍රහාරය පිළිබඳ පසුගිය කාලය පුරා දිගින් දිගටම අදහස් දැක්වූ පිරිස් අද වනවිට මුනිවත රකිමින් සිටිනවා. ඒ අනුව පෙනීයනවා ආණ්ඩුව පාස්කු ප්‍රහාරය අමතක කර දමලා තිබෙන බව. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන අවස්ථාවේ පාර්ලිමේන්තුව කල්දැමීමට ආණ්ඩුව කටයුතු කළා. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම ආරම්භ කිරීමට අවසර ලබාදී ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ධූර කාලයේදී. වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අකමැත්තෙන් පසුවන්නේ එම තොරතුරු හෙළිවනු ඇතැයි බියෙන්. ඔහු කුමක් පැවසුවත් කතානායකවරයාගේ බලතල අනුව එම වාර්තාව පාර්ලිමේන්තුව තුළට ගැනීමට අප කටයුතු කළා.

පසුගිය සමයේදී මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දැඩි ලෙස හඬනඟන ලද පිරිස් අද වනවිට වෝහාරික විගණන වාර්තාව පිළිකුල් කරමින් එම වාර්තාව ව්‍යාජ වාර්තාවක් බව පවසමින් සැඟවී සිටිනවා. 2015 ට පෙර ආණ්ඩුව, මහ බැංකු බැඳුම්කර නිකුතුවෙන් රුපියල් බිලියන 1457 ක් සොරකම් කර තිබෙනවා. අපගේ ආණ්ඩු සමයේදී මහ බැංකු බැඳුම්කර නිකුතුවෙන් වංචාකළ බව පැවසෙන රුපියල් බිලියන 689 ක ප්‍රමාණය ඕනෑම අයෙකුට සොයාගත හැකි ආකාරයට ද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සිදුකළ වංචාව, කිසිවෙකුට සොයාගැනීමට නොහැකි ලෙස ද සිදුකරලා තිබෙන්නේ. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වෙත එයාර් බස් මිලදී ගැනීමේදී කපිල චන්ද්‍රසේකර නැමැති අයගේ බිරිඳගේ නමින් පැවති සමාගමක් වෙත ඩොලර් මිලියන 02 ක අල්ලසක් ලබාදී තිබෙන බව එංගලන්තයේ ජාත්යගන්තර අධිකරණයකදී හෙළිවී තිබෙනවා. ලාභ ලබමින් තිබූ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා යන ගුවන් සමාගම් අලාභ ලබන තත්ත්වයකට පත්වූයේ මන්දැයි විමසා සිටිනවා. ඉහත අල්ලස් ලබාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේකර නැමැති අය අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලද්දේ එම පුද්ගලයා විදෙස් ගතවූ පසුවයි. ඒ අනුව අදාළ වරෙන්තුව ප්‍රමාද වී නිකුත් කර තිබෙනවා. එම වරෙන්තුව භාරදෙන ලද්දේ කාහටදැයි විමසනවා අපි.

අධිකරණයට ස්වාධීන ලෙස කටයුතු කිරිමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරනවා කියලා ආණ්ඩුව පැවසුවත් ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති නිසා මෙම ප්‍රකාශ සුරංගනා කථා ලෙස හැඳින්විය හැකියි. හොරුන් සහ මිනීමරුවන් බේරාගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින ආකාරයක් පේනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට