සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට යළි සිතාසි..

Podu Jana Peramunaඅධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට යළි සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (07) නියෝග කර ඇත. තරුණයින් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව වභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදෙන ලදී. මෙම නඩුවේ දාහතර වන විත්තිකරු ලෙස නම් කර ඇති හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අද දිනයේදී අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙම නියෝගය ලබාදෙන ලදී. ඒ අනුව නාවික හමුදාපතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා මාර්ගයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට යළි සිතාසි නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව පෙබරවාරි 24 වනදා යළි කැඳවීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට