සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේදී දේශපාලඥයින්ගේ හිතවතුන්, ඥාතීන් පත්කිරීම වහාම අත්හිටුවිය යුතුයි – ක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න

Podu Jana Peramunaරාජ්‍ය ආයතනවල ප්‍රධානීන් පත්කිරීමේදී දේශපාලඥයින්ගේ හිතවතුන්, ඥාතීන් පත්කිරීම වහාම අත්හිටුවිය යුතුව ඇති බවත් අමාත්‍යවරුන්ගේ මැදිහත්වීමෙන් රාජ්‍ය නිලධාරීන් පත්කිරීම ද නොකළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ඊයේ (06) කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් පළකල ඒ මහතා පහත අදහස් දක්වන ලදී.

මේ රටේ ඉතා වැදගත් ආයනයක් ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2019.11.16 වන දින තෙක් තමන් යටතේ පැවතියේ. මෙවැනි ආයතන දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව පවත්වාගෙන යායුතු බව තමයි අපේ මතය. ඒ අනුව තමයි අපි එම ආයතනය පවත්වාගෙන යාමට කටයුතු කළේ. කුමන්ත්‍රණයකින් බලයට පත්වූ දින 52 ක ආණ්ඩුව, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමට කටයුතු කළා. එංගලන්තයේ ” ක්‍රවුන් කෝට්” අධිකරණය විසින් එයාර් බස් සමාගමට එරෙහිව යම් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා. ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනු වලදී වංචා හා දූෂණ සිදුවන බව 2016.11.31 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් විසින් අදහස් පළකලා.

ඉහත නඩුව රටක් ලෙස පනවන ලද නඩුවක් නොවේ. එයාර් බස් සමාගම අදාළ ගනුදෙනුවලදී දූෂිත ආකාරයට කටයුතු කර ඇතැයි චෝදනා කරමින් අන්තර්ජාතික ලෙස පවරන ලද නඩුවක්. නඩුවෙන් රටවල් 05 කට චෝදනා එල්ල කරලා තිබෙනවා. ශ්‍රී ලංකාවත් ඒ අතර සිටිනවා. ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ගනුදෙනුවකදී ඉහත සමාගම විසින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ඉහළ කළමණාකාරීත්වය වෙත ඩොලර් මිලියන 16.84 ක් ලබාදීමට එකඟවී ඇතැයි කරුණු හෙළිවෙලා. එවකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ පුද්ගලයාගේ බිරිඳට අයත් සමාගමක් හරහා එම මුදල් ලබාදී තිබෙනවා. මෙම චෝදනාව තනිකරම මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවක්. එවකට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන ලද කපිල චන්ද්‍රසේන නැමැති පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට මෙම චෝදනා එල්ලවී තිබෙනවා. දින 52 ක ආණ්ඩු සමය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි රජයේ ආයතන සඳහා මෙවැනි පුද්ගලයින් පත්කර ඇත්තේ දේශපාලඥයින්ට වුවමනා ආකාරයට වංචා සහ දූෂිත කාර්යයන් සිදුකරගෙන යෑම සඳහායි. පාර්ලිමේන්තුවේ සිටින සියළුදෙනා සොරුන් යැයි ඇතැම් පිරිස් විසින් චෝදනා කරන නමුත් රජයේ නිලධාරීන්ගේ සම්බන්ධතාවයක් නොමැතිව කිසිදු දේශපාලඥයෙකුට සොරකම් කළ නොහැකියි. ඉහත ගනුදෙනුව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර මෙරට බදු ගෙවන ජනතාව මුහුණදී ඇති අසාධාරණයට පිළිතුරු දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පක්ෂන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මහත්වරුන්ද සහභාගිවී සිය අදහස් දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට