කොරෝනා වෛරසයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තවත් නමක්..
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය, කොවිඞ් නයින්ටීන් (Covid-19) රෝගය ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වනවිට පුද්ගලයින් 1,017 ක් මියගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කරන අතර වෛරසය ආසාදිතවූ පුද්ගලයින් ප්‍රමාණය හතළිස් දහස ඉක්මවා ඇති බව ද වාර්තා වේ.