සත්‍යයේ පුවත් අඩහැරය….

නවකවදය සහමුලින්ම තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaවිශ්ව විද්‍යාල තුළින් නවකවදය තුරන් කිරීමට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි. ඒ මහතා පවසා සිටින්නේ නවකවදය හේතුවෙන් පසුගිය වසර තුළදී පමණක් විශ්ව විද්‍යාලවලට බදවා ගත් සිසුන් 2000ක් එම විශ්ව විද්‍යාල අත්හැර ගොස් ඇති බවයි. මාධ්‍ය ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අද (12) පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව පවසා සිටින ලදි. එම තත්ත්වය වැළැක්වීම සදහා තමන් එක් එක් විශ්ව විද්‍යාලවලට ගොස් ඒවායේ තත්ත්වයන් සොයා බැලීමට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී කියාසිටින ලදී. එමෙන්ම නවකවදය හේතුවෙන් පීඩාවට පත් සිසුන්ට සාධාරණයක් ඉටුකිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් කොමිසමක් පිහිටුවා ඇති බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙහිදී සඳහන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට