සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අලියා ලකුණ නැත්තම් තවදුරටත් දේශපාලනයේ සිටිනවාද යන්න ගැන සිතිය යුතුයි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක

Podu Jana Peramunaඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන සන්ධානයේ මැතිවරණ ලාංඡනය ලෙස අලියා යොදා ගතයුතු බවට පක්ෂ මන්ත්‍රි කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මෙම අදහස් දක්වන ලද්දේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී නවීන් දිසානායක මහතා පහත පරිදි සිය අදහස් පළකළේ්ය.

සජිත් ප්‍රේමදාස මහතාව නව සන්ධානයේ නායකයා මෙන්ම ඉදිරි මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය අපේක්ෂේකයා ලෙස ද නම්කිරිමට කටයුතු කර තිබෙන්නේ. නමුත් නව සන්ධානය වෙනත් ලකුණකින් තරඟ කළ යුතු බවට පසුගිය දිනෙක සිදුකරන ලද යෝජනාව නිසා යම් ගැටළුකාරි තත්ත්වයක් ඇති වුනා. එම ගැටළුකාරී තත්වය කඩිනමින් නිරාකරණය කරගෙන ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයයේ ලකුණ වන අලියා ලකුණින් තරඟ කළයුතුයි.

තමන්ගේ පියාත් එක්වරෙක පක්ෂ නායකත්වය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කළා. පියා විසින් ජනාධිපති අපේක්ෂකකත්වය ඉල්ලා සිටි අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා නොබියව රහස් ඡන්දයක් පැවැත්වුවා. ඉන් තම පියා ජයග්‍රහණය කළත් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට පෙර මැතිවරණ වේදිකාවේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ඔහු ඝාතනය වුනා. එවැනි රහස් ඡන්දයකට හැකි නම් මුහුණ දෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටිනවා. එවැනි අභියෝගයකට එතුමාත් මුහුණදිය යුතුයි.

2019 දෙසැම්බර් මස පැවති පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරි වසර 03 සඳහා නායකත්වයට පත්කළ යුතු බවට වන යෝජනාවට සජිත් ප්‍රේමදාස, සුජීව සේනසිංහ, චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මින් පක්ෂ‍ව අදහස් දැක්වුවා. නමුත් මාස 03 ක කාලයක් ගතවීමටත් පෙර රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් ඉවත් කිරීමට එම පිරිසම කටයුතු කිරීම විහිළුවක්. සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන පිරිස් අද වනවිට පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිටිනවා. ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේ නම් මෙවැනි කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නෑ.

මහමැතිවරණය සඳහා අලියා ලකුණින් තරඟ කිරීමට කටයුතු නොකරන්නේ නම් තමා තවදුරටත් දේශපාලනයේ සිටිනවාද යන්න තීරණය කරනවා. පක්ෂ නායකත්ව ගැටළුව මේ වන විට අවසන් වි ඇති නිසා සන්ධානයේ නායකත්වය සහ විපක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට සහ සන්ධානයේ මහලේකම් ධුරය රංජිත් මැද්දුම බණ්ඩාර මහතාට ලබාදීම පිළිබඳව තමාට කිසිදු ගැටළුවක් නෑ. ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණින් පමණක් ඉදිරිපත්විය යුතු බව තමන් දැඩිව පවසනවා. සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් වන අවසන් තීරණය නුදුරේදීම ගන්නවා. පක්ෂය විනාශවීමට ඉඩලබානොදි එය ආරක්ෂා කරගැනීම සියළුමදෙනාගේ යුතුකමයි.

2011 වසරේදී පක්ෂයේ නියෝජ්‍ය නායකධුරයට සජිත් ප්‍රේමදාස මහතාගේ සහ රවී කරුණානායක මහතාගේ නම් ඉදිරිපත්වී තිබු අවස්ථාවේ වැඩි මනාපය අනුව සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායකත්වය ලබාදීමට කටයුතු කළා. පක්ෂ නායකත්වය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසුරිය මහත්වරුන් අතර ඡන්දයක් පැවත්වුවා. එහිදි රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්දයෙන් ජයග්‍රහණය කළා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට