සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෑම දේශපාලඥයෙකුටම දේශපාලනයෙන් විශ්‍රාම යායුතු වයසක් පැනවීමෙන් සුදුසු පුද්ගලයින් නායකත්වයට පත්වේවි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා

Podu Jana Peramunaසෑම දේශපාලඥයෙකුටම දේශපාලනයෙන් විශ්‍රාම යායුතු වයසක් පැනවිය යුතු බවත් එමඟින් සුදුසු පුද්ගලයින් පක්ෂවල නායකත්වයට පත්වීම සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. ඒ මහතා මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ, විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදි පහත පරිදි හර්ෂණ රාජකරුණ මහතා මාධ්‍ය වෙත සිය අදහස් දක්වන ලදී.

යහපාලන ආණ්ඩුව සිය පාපන කාලය තුළ මෙරට රාජ්‍ය සේවය ගෞරවණිය සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා රාජ්‍ය සේවය ශක්තිමත් කළා. ශ්‍රී ලංකා පොලිසීය, නීතිපති දෙපාර්තමේන්තුව, මැතිවරණ කොමිසම ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් ස්වාධීන ආයතන බවට පත්වුනා ඒ තුළින්. විධායක ජනාධිපතිවරයා වටා කේන්ද්‍රගතව පැවති සියළුම බලතල ස්වාධීන ආයතනයන් වෙත බෙදාහැරීමෙන් රාජ්‍ය සේවය ශක්තිමත් සේවාවක් බවට පත්වුනා. පසුගියදා ගම්පහ වනජීවි නිලධාරිනිය සෘජුව කටයුතු කරමින් නීතියට අනුව මිස දේශපාලන බලපෑම් මත රාජකාරි නොකරන බවට සිදුකළ අදහස් දැක්වීම ඊට කදිම නිදසුනක් ලෙස පෙන්වාදිය හැකියි. නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වු විගස රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ ක්‍රියාවලිය නිසා අද වනවිට රාජ්‍ය සේවකයින්ට ස්වාධීන ලෙස කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

2015 ට පෙර පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ රට තුළ පැවති තත්ත්වය යළි රට තුළ නිර්මාණය වෙමින් පවතිනවා. නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට නොගැළපෙන නිසා එය කඩිනමින් සංශෝධනය කළයුතු බවට වත්මන් බලධාරීන් පවසනවා. ඒ තුළින් සිදුවන්නේ ස්වාධීන ආයතන විනාශ වීමයි. පාර්ලිමේන්තුවේ 2/3 බහුතර බලයක් නොමැතිව රටට සහ ජනතාවට සේවය කරන්න නොහැකි බව ආණ්ඩුව පවසා සිටිනවා. 2020 ජනවාරි මස සිට රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට පසුගිය ආණ්ඩුව අවශ්‍ය කටයුතු සලසා තිබුනත් වත්මන් ආණ්ඩුව එම වැටුප් වැඩිවීම ක්‍රියාත්මක කර නෑ.

ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළට ගොස් තිබෙනවා. ජනතාවට සහන ලබාදෙමින් රට සංවර්ධනය කරන බවට පවසමින් බලයට පැමිණියත් මේ දක්වා රටේ ජනතාවට කිසිදු සහනයක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නෑ. යහපාලන ආණ්ඩුව හඳුන්වා දුන් ඉන්ධන මිල සුත්‍රය යහපත් තත්ත්වයක් බව වත්මන් ආණ්ඩුව ද මේ වනවිට පිළිගෙන ඇතත් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ වැටි තත්ත්වයකදී එහි වාසිය මෙරට ජනතාවට ලබාදීමට බලධාරීන් පියවරගෙන නෑ.

යහපාලන ආණ්ඩු සමයේදී ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කළ වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ අද වනවිට රට තුළ පවතින අර්බුදකාරි තත්ත්වය පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය කාලයේ සිය වෘත්තීය ගැටළුවලට පමණක් නොව රට තුළ සෑම ගැටළුවක් සම්බන්ධව අදහස් දැක්වුවත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව කිසිදු විරෝධතාවයක් නොදක්වා නිහඬව සිටිනවා.

අද වනවිට මාධ්‍ය මඟින් වැඩි වශයෙන් අවධානය යොමුකරන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය ගැනයි. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ද යම් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉදිරියේ දී පිහිටවනු ලබන පුළුල් සන්ධානයේ නායකත්වය මෙන්ම ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සඳහා තීරණය කර තිබෙනවා. සන්ධානයේ ලකුණ පිළිබඳව පමණක් යම් අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා. සන්ධානයේ ලකුණ ලෙස අලියා ලකුණ යොදා ගැනීම සම්බන්ධව යම් කථිකාවතක් අද වනවිට මතුව ඇති අතර සන්ධානයට අලියා ලකුණ ලබාදීමට කටයුතු කළහොත් මෙම ගැටළුව ද අවසන් වනවා. ඒ සඳහා පක්ෂයේ සියළුමදෙනාම කඩිනමින් තිරණයක් ගතයුතුව තිබෙනවා.

ලකුණ නොලැබුනොත් වෙනත් ලකුණක් වුවද සන්ධානය වෙනුවෙන් සකසා ගත හැකියි. ඇතැම් පිරිස් පවසනවා එම ලකුණ සමාජගත කිරීමට කාලයක් නෑ කියලා. පක්ෂය තුළ පවතින සියළුම ගැටළු වහාම නිරාකරණය කර ගතයුතුව තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට