සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුව බලයට පත්වී ගතව ඇති කාලය තුළ රට පරිහානියට පත්වෙමින් තිබෙන බව පෙනීයනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව බලයට පත්වී මෙතෙක් ගතව ඇති දින 89 ක කාලය දෙස බලන විට රට පරිහානියට පත්වෙමින් තිබෙන බව පෙනීයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආශු මාරසිංහ මහතා අවධාරණය කර සිටියි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටි ආශු මාරසිංහ මහතා එහිදී පහත පරිදි වැඩිදුරටත් සිය අදහස් මාධ්‍ය වෙත පළ කළේය.

රට තුළ යහපත් පොලිස් සේවාවක් බිහිකිරීමේ අරමුණින් පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඇතුළු දීමනා ඉහළ දැමීමට අපගේ ආණ්ඩුව කටයුතු කළත් ආණ්ඩුවට මුදල් නොමැතිවීම නිසා එම දීමනා සහ උසස්වීම් කප්පාදු කරලා මේ වනවිට.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක ඉන්දියාවට ගොස් ශ්‍රී ලංකාව විසින් එරටට ගෙවීමට තිබෙන ණය ගෙවීමට මුදල් නොමැති බව පවසලා. ඉන්දියාවට ගෙවීමට ඇත්තේ සමස්ත ණයෙන් 2.2% ක ප්‍රමාණයක් පමණයි. මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයේ බංකොළොත්භාවය ලොවටම හෙළිවෙලා. මෙම තත්ත්වය නිසා විදෙස් රටවල් ශ්‍රී ලංකාව දෙස අසුභවාදීව බලාවි. එමඟින් මෙරටට ලැබීමට නියමිතව ඇති විදෙස් ආධාර ප්‍රමාණය පහළ යා හැකියි. ශ්‍රී ලංකාව ග්‍රීසියක් බවට පත්නොකරන්නැයි ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය රජය සමයේදී ද ණය බර පැවතියත් වැටුප් වැඩිකර, ජනතාවට සහන ලබාදී නිසි පරිදි ආර්ථිකය පවත්වාගෙන යාමට හැකිවූනා. දේශපාලඥයින් ඉදිරියේ සෘජුව කටයුතු කළ වනජීවි නිලධාරිනිය පැසසුමට ලක්කළ යුතුයි. මෙවැනි රාජ්‍ය සේවකයින් තමයි රටට අවශ්‍ය. දේශපාලඥයින්ට යටත් නොවී නිවැරදිව කටයුතු කරන ලෙස සමස්ත රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා. බදු අඩු කරන බව පැවසුව ද එහි සහනය මෙතෙක් වැඩකරන ජනතාවට ලැබී නෑ. නමුත් විශාල ව්‍යාපාරිකයින්ට නම් එහි සහනය හිමිවෙලා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න මහත්මිය අතර යම් සාකච්ඡාවක් පවත්වා ඇතැයි මව්බිම පුවත්පතෙහි ප්‍රවෘත්තියක් පළවී ඇතත්න එවැනි සාකච්ඡාවක් සිදුව නෑ. මව්බිම සහ මහරාජා වැනි කණ්ඩායම් වලට අවශ්‍යව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමට වුවත් ඔවුන්ට එවැන්නක් සිදුකිරීමට හැකියාවක් නෑ. මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.

ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරඟ කළයුතුයි. පක්ෂයේ ව්‍යවස්ථාව නිවැරදිව හා අවබෝධයෙන් කියවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සියළු පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් පක්ෂයක නිලතල දැරීම හා වෙනත් පක්ෂයකට සම්බන්ධවීම තුළින් සිය මන්ත්‍රිධූරය අහිමිව යාහැකි බව එම මන්ත්‍රිවරුන්ට අවධාරණය කරනවා.

මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රි සමන් රත්නප්‍රිය මහතා ද පහත පරිදි අදහස් දක්වන ලදී. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ ගොස් ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවසා ඇති නමුත් රට තුළ දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. පසුගිය රජය සමයේ පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ආර්ථිකයේ යම් කඩාවැටීමක් සිදුවුවත් සංවර්ධන කටයුතු ද සිදුකරමින් රටේ ස්ථාවරභාවය රැකගැනීමට අවශ්‍ය පියවර ගත්තා. රට යම් ආර්ථික අර්බුදයකට ලක්ව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්ම පවසා සිටිනවා. නිසි වේලාවට ණය වාරික ගෙවාදැමූ පැවති ආණ්ඩුව, ණය කපාහරින්නැයි ඉල්ලමින් කිසිදු විටෙක වෙනත් රටවලට බැගෑපත් වූයේ නෑ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පසුගිය ඉන්දියානු සංචාරයේ නිරතවීමට නියමිතව තිබුනේ 14 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් වුවත් එම සංචාරයට 76 දෙනෙකු සහභාගිවී ඇති බවත් 14 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 74 ක් වෙන්කරන ලද නමුත් පිරිස ඉහළයාම නිසා රුපියල් ලක්ෂ 100 කට අධික මුදලක් එම සංචාරයට වෙන්කිරීමට සිදුවෙලා. වත්මන් ආණ්ඩුව ඉහත ආකාරයේ අනවශ්‍ය වියදම් සිදුකරමින් සිටින නමුත් සුනාමිය ඇතිවූ අවස්ථාවේදී පවා ණය කපාහරින්නැයි මෙරට විසින් වෙනත් රටවලින් ඉල්ලා සිටියේ නෑ. එම අවස්ථාවේ විදෙස් රටවලින් ලබාදෙන ලද සහන ලබාගත්තා. රටේ ආර්ථිකය කඩාවැටෙමින් තිබෙන බැවින් විදෙස් ආයෝජන රටට නොඑන තත්ත්වයක් මේ වනවිට උදාවී තිබෙනවා. මිලියන 400 ක ණයක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට බැගෑපත්වූයේ සමස්ත ණය ප්‍රමාණය වන ට්‍රිලියන 13 න් බහුජාතික සමාගම් වලට ට්‍රිලියන 1.75 ක් සහ බැඳුම්කරයට ට්‍රිලියන 3.5 ක් ගෙවීමට ඇති තත්ත්වයකදීයි. ආණ්ඩුව එච්.එස්.බී.සී. බැංකුවෙන් 16% ක පොළියට ණය ලබාගෙන ඇති අතර රට මේ ආකාරයට හෑල්ලු කිරීම පිළිබඳ ආණ්ඩුව ලැජ්ජා වියයුතුයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට