සත්‍යයේ පුවත් අඩහැරය….

පක්ෂයට පක්ෂව සහ ආදරයෙන් කටයුතු කළ පිරිස් සිටින්නේ නම් පක්ෂයෙන් ඉවත්විය යුතුයි – ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් ද සිල්වා

Podu Jana Peramunaපක්ෂය තුළ සිටිය හැක්කේ පක්ෂයට පක්ෂව කටයුතු කරන සහ පක්ෂයට ආදරය කරන පිරිස් පමණක් බවත් එසේ කටයුතු කළ නොහැකි පිරිස් සිටින්නේ නම් පක්ෂයෙන් ඉවත්විය යුතු බව අවධාරණය කරන බවත් ජාතික සේවක සංගමයේ උප සභාපති සුනිල් ද සිල්වා මහතා පවසයි. ඊයේ (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී සුනිල් ද සිල්වා මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් ද සිල්වා මහතා පහත පරිදි සිය අදහස් මාධ්‍ය වෙත සඳහන් කරන ලදී.

පක්ෂය තුළ සිටින්නේ නම් පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළයුතුයි. 2020.01.03 වන දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් වැඩකරන ජනතාව පිළිබඳ පවසන විට 10000 ක පමණ රැකියා අහිමිවූ තරුණ තරුණියන් පිරිසක් පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ යෙදුනත් මෙතෙක් එම රැකියා ගැටළුවට විසඳුමක් ලබාදීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කර නෑ. රැකියා ලක්ෂයක් ලබාදෙන බවට ජනතාවට පොරොන්දුවී ඇති වත්මන් ආණ්ඩුව, අනෙක් පසින් 12000 කගේ පමණ රැකියා අහිමිකරලා. එම පිරිස් තමන්ට යළි රැකියා ලබාදෙන්නැයි ඉල්ලා ගාලු මුවදොර පිටිය අසළ විරෝධතාවයේ යෙදී සිටිනවා. ඒ අනුව ඔවුනට වහාම රැකියා ලබාදීමට ආණ්ඩුව කටයුතු කළයුතුව තිබෙනවා.

ජනතාවට ව්‍යාජ පොරොන්දු ලබාදී ආණ්ඩුව විසින් සිදුකරන කාර්යයන් සම්න්ධයෙන් රටට තොරතුරු හෙළිවෙමින් පවතිනවා. මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දියත්කර ඇති උපවාසය පිළිබඳ බලධාරීන් සිය අවධානය යොමුනොකළහොත් එය මාරාන්තික උපවාසයක් ලෙස පවත්වාගෙන යාමට සිදුවේවි. මෙම ගැටළුවට විසඳුම් නොදුන්නොත් අපට ද වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට සිදුවේවි. අපගේ ආණ්ඩු සමයේදී ද මෑන් පවර් සේවකයින් විසින් විවිධ උද්ඝෝෂණ පැවැත්වූ අතර එහිදී නිසි ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඔවුන් ස්ථිර සේවයට බඳවාගැනීමට බලධාරීන් කටයුතු කළා.

අගමැති අපේක්ෂක ලෙස දේශපාලන වශයෙන් තනතුරක් තමන් මෙතෙක් දැක නෑ. අගමැතිවරයා තෝරාගන්නේ පාර්ලිමේන්තුව තුළ වැඩිදෙනාගේ කැමැත්තෙන්. අර නායකකම් මේ නායකකම් නොඉල්ලා පක්ෂයට ආදරයෙන් කටයුතු කරන්නැයි ඉල්ලා සිටිනවා. ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින්ම තරඟ කළයුතු බව අවධාරණය කරනවා. ඊට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ 56 දෙනෙකු කැමැත්ත පළකරලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය අතහැර වෙනත් වෙනත් කණ්ඩායම් කරා ගියහොත් එම පිරිසට ඉතිරිවන්නේ දේශපාලනමය අසරණකම පමණයි.

එක්සත් ජාතික පක්ෂය තුළ සිටිනුයේ එක් නායකයෙක් පමණයි. ඩී.එස්. සේනානායක මහතාගේ සමයේ සිටම නායකයා සහ දෙවන නායකයා අතර ගැටුම් පැවතියත් බලහත්කාරකම් කිරීමෙන්, කෘත්‍යාධිකාරී මණ්ඩලය උසිගන්වා හෝ නායකත්වය ලබාගැනීමට කිසිවෙකු කටයුතු කළේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වූ විට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මහින්ද රාජපක්ෂ මහතාට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වූ විට මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ පක්ෂ නායකත්වය ලබාදුන්නේ නෑ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස පවතින්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් බව පෙන්වා දියහැකියි. වෙනත් කණ්ඩායම් නිර්මාණය කරගනිමින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට උත්සහ ගන්නේ නම් එය එම පිරිසගේ දේශපාලන අවසානයයි. ජනතාව රවටා වෙනත් පක්ෂ නිර්මාණය කරමින් පක්ෂය අනතුරකට ලක්නොකරන්නැයි එසේ උත්සහ කරන පිරිසගෙන් ඉල්ලා සිටිනවා. සිය පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව, මෙම පෙරමුණ යැයි පවසාගන්නා කොටසට සම්බන්ධවීමට කටයුතු කරන බව මුස්ලිම් කොංග්‍රසය සහ මනෝ ගනේෂන් මහතාගේ පක්ෂය විසින් මේ වනවිට පවසා තිබෙනවා. මෙවැනි පෙරමුණක් නිර්මාණය කරගැනීමට උත්සහ කරන්නේ තමන්ගේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ජයගැනීමට නොහැකි පිරිස් විසිනුයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ ගම්පහ දිස්ත්‍රික් වෘත්තීය සමිති පෙරමුණේ ලේකම් ආනන්ද පාලිත මහතා ද මෙහිදී පහත පරිදි අදහස් පළකරන ලදී.

මේ වනවිට ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී ඇති නමුත් මුදල් නොමැතිවීම නිසා එහි සහනය ජනතාවට ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. රුපියල් 11 කින් පමණ මෙරට තෙල් මිල පහත දැමිය හැකියි මෙම තත්ත්වය මත. පසුගිය ජනාධිපතිවරණයෙන් ජයගත හැකිවනු ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සිතා සිටියත් පක්ෂය තුළම පැවති යම් ගැටළු හේතුවෙන් එතුමාට ජයගැනීමට නොහැකිවූනා. එම මැතිවරණ පරාජයෙන් පසු මසක පමණ කාලයක් ඒ මහතා දුරකථනයට පිළිතුරු ලබානොදුන් අතර යහපත් දේශපාලඥයින් මැතිවරණයක් පරාජයවූ විට සැඟවී හෝ දුරකථන විසන්ධි කරන්නේ නෑ.

හදවත ලකුණ සුදුසු වන්නේ තරුණ පිරිසකට මිස වයස අවුරුදු 50 පවා පැන ඇති සජිත් ප්‍රේමදාස මහතාට නොවෙයි. වැඩිය දඟලන්න එපා යැයි ඒ මහතා ඇතුළු පිරිසට අවධාරණය කරනවා. මෙරට ජනතාවගෙන් 60% ක පමණ පිරිසක් හෘද රෝගීන් වන බැවින් මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා හදවත ලකුණ යොදාගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාව ඉවත්කිරීමට විප්ලව සිදුකරන පිරිස, පසුගිය මැතිවරණ පරාජයේදී සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වීමට කටයුතු නොකළේ නම් මේ දක්වා අප පක්ෂයට ආණ්ඩුව පවත්වාගෙන ඒමට හැකිවන බව. එක්සත් ජාතික පක්ෂයට ජාතික සංවිධායකවරුන් දෙදෙනෙකු අනවශ්‍ය බවත් අවශ්‍ය වන්නේ එක් ජාතික සංවිධායකවරයෙක් පමණයි. ඒ සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨයින් පක්ෂය තුළ ඕනෑ තරම් සිටිනවා. වසර කිහිපයකට පෙර පක්ෂයට පැමිණි පාඨලී චම්පික රණවක වැනි අයෙකුට එම තනතුර ලබාදෙන්නේ නම් ඊට දැඩි විරෝධය පළකරනවා.

සජිත් ප්‍රේමදාස මහතාට සන්ධානයේ නායකත්වය, අගමැති අපේක්ෂකත්වය සහ විපක්ෂ නායකත්වය ලබාදී තිබුන ද ඔහුට අලියා ලකුණ ලබානොදෙන අතර ඒ අනුව වෙනත් ඕනෑම ලකුණකින් මැතිවරණයට ඉදිරිපත්ව හැකිනම් ජයගෙන පෙන්වන්නැයි අභියෝග කරනවා.

තුකරයේ ජනතාව දන්නා එකම ලකුණ අලියා ලකුණයි. ඒ අනුව නැවත තනතුරු ලබාගැනීමට අවශ්‍යනම් අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත්විය යුතුව ඇති බව දිගම්බරන් වැනි පිරිසට අවධාරණය කරනවා. අප සතුව පවතින යම් යම් විස්තර රටට හෙළිකිරීමට අවස්ථාවක් සලසා නොදෙන්නැයි පක්ෂය කඩාගෙන යාමට උත්සහ කරන බලවේගයන්ගෙන් ඉල්ලා සිටිනවා. එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගොස් පක්ෂ නිර්මාණය කිරීමට උත්සහ කරන නලීන් බණ්ඩාර වැනි පිරිස් රාජ්‍ය අමාත්‍යධූර දරණ සමයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලක්ෂ 02 බැගින් ලබාදුන් විට කට වසාගෙන කටයුතු කළා. තමන් වසර 40 කට අධික කාලයක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවූ අයෙක් බැවින් මෑතකදී පැමිණි පිරිස්වලට වඩා පක්ෂය පිළිබඳ දැඩි කැක්කුමක් තිබෙනවා. ලබන සතිය තුළ පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී මැතිවරණයට අලියා ලකුණින් තරඟ කළයුතු බවට කරුණු දක්වනවා.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට