හලාවත, කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව දී වාහන තුනක් එකිනෙක ගැටෙයි..
හලාවත, කොළඹ ප්‍රධාන මාර්ගයේ මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ දී වාහන තුනක් එකිනෙක ගැටී ඊයේ (17) රාත්‍රී කාලයේ අනතුර සිදුවී ඇති බව වාර්තා වේ. ටිපර් රථයක්, කන්ටේනර් රථයක් සහ පුද්ගලික බස් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත. කෙසේවෙතත් අනතුර හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැත. මාරවිල පොලීසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මේ අතර තෝප්පුව – දංකොටුව මාර්ගයේ තඹරවිල ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුවීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව වාර්තා වේ. මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී ලොරි රථයක ගැටී මියගොස් ඇති මෙම කාන්තාව වයික්කාල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි අයෙක් බව අනාවරණය වී ඇත.