දක්ෂිණ අධිවේගයේ මාතර සිට හම්බන්තොට තෙක් කොටස අද විවෘත වේ..
දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට තෙක් කොටස අද (23) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත. දක්ෂිණ අධිවේගයේ මෙම කොටස විවෘත කිරීමත් සමඟ කතරගම දක්වා ඉතා අවම වේලාවකින් ළඟාවීමට හැකිවනු ඇත.