සත්‍යයේ පුවත් අඩහැරය….

බලයට පත්වී මාස 03 ක් සම්පුර්ණ වුවත් කිසිදු පොරොන්දුවක් ඉටුනොකළ ආණ්ඩුව බහුතර බලයක් අවශ්‍ය බව පවසමින් සිටිනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම්

Podu Jana Peramunaබලයට පත්වී මේ වනවිට මාස 03 ක කාලයක් සම්පුර්ණ වී ඇතත් ජනතාවට වූ කිසිදු පොරොන්දුවක් ඉටුකර නොමැති වත්මන් ආණ්ඩුව, ජනතාවට සහ රටට සේවය කිරීමට නම් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් අවශ්‍ය බව පවසමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. අද (24) සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කාරියවසම් මහතා මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී ඒ මහතා තවදුරටත් පහත පරිදි මාධ්‍ය වෙත සිය අදහස් පළකළේය.

ජනතාවට සහන ලබාදීමට කටයුතු කරනවා වෙනුවට ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් යම් යම් පොරොන්දු ලබාදීම පමණක් සිදුකරමින් සිටිනවා වත්මන් ආණ්ඩුව. ජනතාවට ලබාදුන් කිසිදු පොරොන්දුවක් ඉටුකිරීමට කටයුතු නොකරන ආණ්ඩුවේ බලධාරීන් ඔවුන්ට අවශ්‍ය සියළුම දේ සිදුකරගනන්නවා. ඉඩම් විකිණීම, අමාත්‍යංශ බලතල වෙන්කරගැනීම්, රාජ්‍ය ආයතන සඳහා කඩිනමින් සභාපතිවරුන් පත්කිරීම්, එසේ පත්කරනු ලබන සභාපතිවරුන් තනතුරට නුසුදුසුය යන්න වැටහුණහොත් එම සභාපතිවරුන් ඉවත් කර නව සභාපතිවරුන් පත්කිරීම වැනි ආණ්ඩුවට වාසි සහගතවන ක්‍රියාවන් දිගින් දිගටම සිදුකරමින් සිටිනවා.

2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වන විට රට තුළ දැඩි මුල්‍ය අර්බුදයක් පැවතුනත් ජනතාවට පොරොන්දු වු ආකාරයට දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් කඩිනමින් ජනතා සහන ලබාදීමට පියවර ගත්තා.

අද වනවිට ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ වැටී ඇතත් මේ දක්වා එහි වාසිය මෙරට ජනතාවට ලබාදිමට බලධාරීන් කටයුතු කරලා නෑ. යහපාලන ආණ්ඩුව ඉන්ධන මිල සුත්‍රයක් හඳුන්වා දී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ වැටෙන අවස්ථාවලදී එහි වාසිය රටේ ජනතාවට ලබාදීමට කටයුතු කළා. වත්මන් රජය ද කඩිනමින් ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කළ යුතුයි.

තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ දි පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 23000 ක් වැනි අවම තත්ත්වයක පැවතියේ. එය රුපියල් 43000 ක් දක්වා වැඩිකිරීමටත් පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුට මසකට රුපියල් 6000 ක දීමනාවක් ලබාදීමටත් අපි පියවර ගත්තා. යහපාලන ආණ්ඩුව සෑම අවස්ථාවකදීම සියළුම අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවවාන්වල මිල ගණන් පහළ දමමින් ජනතාවට සහන ලබාදීමට පියවර ගත්තා.

රට පුරා ග්‍රාමසේවා වසම් 14000 ක් පවතිනවා. ඒ සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදීමට කටයුතු කළා. යහපාලන ආණ්ඩුව බලයෙන් පහකර වත්මන් පාලකයින් පත්කර ගැනීමට රටේ ජනතාව කටයුතු කළත් මේ දක්වා එම ආණ්ඩුව රටත් ජනතාවත් වෙනුවෙන් කිසිදු සේවයක් සිදුනොකිරීම ඉතා කණගාටුදායකයි.

රට තුළ ඇතිවී තිබෙන වෙනස සැපයි ද සහ ඒ පිළිබඳ සතුටු ද යැයි ජනතාවගෙන් විමසීමට සිදුව තිබෙනවා. මේ වනවිට ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස ජීවන බර ඉහළ ගොස් ඇතත් එය සාමාන්‍ය අගයකට පත්කිරීමට වත්මන් පාලකයින් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් දියත්කිරීමට පියවර ගෙන නෑ. ආණ්ඩුව අද සිදුකරමින් සිටින්නේ යහපාලන ආණ්ඩුව විසින් ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් සහ ව්‍යාපෘතීන් ඒ ආකාරයටම තවදුරටත් ඉදිරියට ගෙනයාම පමණයි. පසුගිය ආණ්ඩුව ආරම්භ කර අවසන් කර තිබු දකුණු අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන මාර්ගය වත්මන් බලධාරීන් විවෘත කිරීමට කටයුතු කරලා.

එමෙන්ම තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලස කටයුතු කළ සමයේ ආනන්ද විද්‍යාලය තුළ සත්මහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මුදල් වෙන්කළ ලද අතර අද වනවිට එම ගොඩනැඟිල්ලත් වත්මන් බලධාරීන් විවෘත කිරීමට පියවර අරන්. ඒ පිළිබඳව කණගාටුවට පත්වන්නේ නෑ. එම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා පැවති ආණ්ඩුව විසින් සකස් කරන ලද සමරුව ඉවත්කර නව සමරු ඵලකයන් එම ස්ථානයේ සකස්කර විවෘත කිරීමට පියවර ගැනීම හෙළාදකිනවා. වත්මන් ආණ්ඩුව අද වනවිට කටයුතු කරමින් සිටින්නේ ඔවුන්ට අවශ්‍ය ආකාරයටයි. පාලකයින්ට අවශ්‍යව ඇත්තේ ඉදිරි මහමැතිවරණයෙන් කෙසේ හෝ ජයග්‍රහණ කිරීම වන අතර ඒ වෙනුවෙන් දිගින් දිගටම ජනාවට මුළාවට පත්කරමින් සිය පුද්ගලික දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා.

මේ වනවිට දිනෙන් දින කඩාවැටෙන තත්ත්වයට පත්ව ඇති වත්මන් ආණ්ඩුවට ජනතා විශ්වාසය ලබාගැනීමට මෙන්ම එම විශ්වාසය ශක්තිමත් ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවෙලා. කෙසේ හෝ ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව පිහිටුවන දැවැන්ත සන්ධානය, මහමැතිවරණයෙන් ජයග්‍රහණය කරවා ප්‍රබල ආණ්ඩුවක් ඇති කරනවා. ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන සන්ධානයේ ලකුණ සම්බන්ධව මේ වනවිට පක්ෂය තුළ යම් මතභේදකාරී තත්ත්වයක් පැවතියත් ඉදිරි දින කිහිපය තුළ එම ගැටළුවත් විසඳාගන්නවා. සැවොම දන්නා, සැවොම කැමති සලකුණකින් මහමැතිවරණයට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන අතර එක්සත් ජාතික පක්ෂුය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වන සලකුණ කුමක්ද යන්න ඉදිරියේ දී ජනතාවට අවබෝධකරගත හැකිවේවි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට