සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි මැතිවරණයේදී රට වෙනුවෙන් වැදගත් තීරණයක් ගැනීමට ආණ්ඩුව සිය දින 100 තුළ කටයුතු කළ ආකාරය ඉතා වැදගත් – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක

Podu Jana Peramunaබලයට පත්ව ගතව තිබෙන දින 100 ක කාලය, ඉදිරි මැතිවරණයේදී රට වෙනුවෙන් වැදගත් තීරණයක් ගැනීමට ජනතාවට ඉතා වැදගත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කර සිටියි. අද (24) කොළඹ, විපක්‍ෂ නායක කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙම මාධ්‍ය හමුවේදී ගයන්ත කරුණාතිලක මහතා විසින් තවදුරටත් පහත පරිදි අදහස් පළකරන ලදී.

විශාල ණය ප්‍රමාණයක් සමඟ බලයට පත්වී සුළුතර ආණ්ඩුවක් ලෙස කටයුතු කළ යහපාලන ආණ්ඩුව, සිය මුල් දින 100 ක කාලයේදී ක්‍රියාත්මක වුනේ කොහොමද කියලා ජනතාවට මතක ඇති. ඒ අනුව එසේ ගතවූ කාලයත් නව ආණ්ඩුවේ මුල් දින 100 ක කාලයත් අතර විශාල පරස්පරයක් පවතින බව මනාව පෙනීයනවා. වත්මන් ආණ්ඩුව සහ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් දිනකට මාධ්‍ය හමු රැසක් පවත්වමින් තවමත් මාධ්‍ය සංදර්ශන සිදුකරමින් සිටිනවා. නමුත් අපගේ ආණ්ඩුවේ මුල් දින 100 ක කාලය තුළ මේ ආකාරයට මාධ්‍ය සංදර්ශන පැවැත්වූයේ නෑ.

අපි කිසිදු විටෙක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඉල්ලුවේ නෑ. නමුත් පොරොන්දු ඉටුකරමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල, ගෑස් මිල, ඖෂධ මිල ඇතුළු මිල ගණන් රැසක් පහළ දමමින් ජනතාවට සහන රැසක් ලබාදුන්නා. නමුත් වත්මන් ආණ්ඩුව තුනෙන් දෙකක බලයක් සම්බන්ධයෙන් පමණක් අදහස් දක්වමින් පොරොන්දු ඉටුකිරීමට උත්සහ කරන්නේ නෑ. බදු අඩුකර ජනතාවට සහන ලබාදුන් බව පැවසුවත් ජනතාවට මෙතෙක් එවැනි සහනයක් ලැබී නෑ.

රුපියල බාල්දු කළැයි යහපාලන ආණ්ඩුවට චෝදනා කරන වත්මන් ආණ්ඩුවේ පාලනය තුළ ආනයනික භාණ්ඩ මිල ගණන් දැඩි ලෙස ඉහළ ගිහින්. ළූණු මිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුකාරී තත්ත්වය විසඳීමට නොහැකි ආණ්ඩුව ජනතා ගැටළු විසඳන්නේ කෙසේදැයි යන ගැටළුව මතුවෙලා. පසුගිය වසර 10 ක කාලය තුළ වාර්තා වූ ලෝක තෙල් මිලෙහි අවම මිල ගණන් මේ වනවිට වාර්තා වෙලා. නමුත් එහි සහනය ජනතාවට ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නෑ. මැතිවරණ සමය තුළදී පමණක් හෝ එම සහනය ජනතාවට ලබාදෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

විරුද්ධ පක්ෂයේ ක්‍රියාකාරීත්වය නිසා ජනතාවට සහන ලබාදීමට නොහැකි වෙලා තිබෙන බවට ආණ්ඩුව පැවසුවත් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ගන්නා ඕනෑම තීරණයකට සිය සහය අනිවාර්යයෙන් ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ දී පවසා සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිතරවූ අවස්ථාවේ ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට ගෙවීමට තිබෙන ණය ගෙවීමට සහන කාලයක් ඉල්ලා සිටියා. ඒ අනුව ජනතාව පීඩාවට පත්කරනු ලබන ණය ගැනීම සඳහා ඉඩදීමට හැකියාවක් නෑ අපට විපක්ෂය ලෙස.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අසීමිත ලෙස වැඩිවීමට අවස්ථාව ලබාදී පසුව පාලන මිලක් නියම කිරීම වත්මන් ආණ්ඩුවේ තවත් එක් සූත්‍රයක්. ඒ අනුව මෙම දින 100 ක කාලය, ඉදිරි මැතිවරණයේදී රටට යහපත් තීරණයක් ගැනීම සම්බනධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙන තත්ත්වයක්.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ගැටළු සඳහා ගයන්ත කරුණාතිලක මහතා පහත පරිදි පිළිතුරු ලබාදෙන ලදී.

ප්‍රශ්නය – ඔබතුමාලගේ රජය ජනතාවට සේවයක් කළා කියලා දැන් කිව්වනේ. නමුත් ජනතාව ප්‍රතික්ෂේප කළානේ ඔබලාගේ ආණ්ඩුව ඉතා ඉක්මනින්ම?

පිළිතුර – අපගේ අණ්ඩුවේ මුල් දින 100 ක කාලය සහ වර්තමාන ආණ්ඩුව එම කාලය තුළ කටයුතු කරපු ආකාරය ගැන තමයි මං කථාකළේ. තව ගොඩක් දේ ගැන කථාකළ හැකියි අපට. ඖෂධ මිල, ගිලන් රථ සේවාව, ගම්පෙරළිය වැනි කටයුතු. ආණ්ඩුව දුන් ආකර්ෂණීය පොරොන්දු ගැන හිතලා ජනතාව එහෙම තීරණයක් ගන්න ඇති.

ප්‍රශ්නය – ආණ්ඩුවට යළි ණය ගන්න අවස්ථාවක් දෙන්නේ නෑ කියලා කිව්වා ඔබතුමා. කොච්චර මුදලක් ඉතුරු කළා ද මහා භාණ්ගාරයේ ඔබතුමාලා රජය භාරදෙනකොට?

පිළිතුර – අපි අනාගත පරම්පරාවටත් එක්ක ණය ගත්තා කියලා තමයි ආණ්ඩුව බලයට ආවේ. නමුත් ඉන්දියාවට ගිහින් කියනවා සහන කාලයක් දෙන්න කියලා ණය ගෙවන්න. එහෙම තියෙද්දී තවත් ණය ගන්න විපක්ෂයක් ලෙස අවස්ථාවක් දෙන්න බෑ කියලා තමයි අපි කියන්නේ.

ප්‍රශ්නය – ඔබතුමන්ලා හැටනව ලක්ෂයක ජනතාවක් ගැන කථාකරනවා. ඔබතුමන්ලාට ඡන්දය දීපු පනස් නව ලක්ෂයකුත් අසරණ වෙලා තිබෙනවා නේද පක්ෂයේ අර්බුද විසඳාගෙන නොමැති නිසා?

පිළිතුර – හැටනව ලක්ෂයක ජනතාව පමණක් නොවෙයි. සියළුම ජනතාවට ජීවත් වීමේ ගැටළුවකට මුහුණදීලා තිබෙනවා. අපේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඕනෑම කෙනෙකුට අදහස් දක්වන්න පුළුවන්. අර්බුද කියලා හඳුන්වන්නේ මේ මත ප්‍රකාශ කිරීම්. ජනාධිපතිවරණයේදීත් විවිධ මත ඇතිවුනා. අවසානයේදී අපි සියළුදෙනාම එක්ව තීරණයක් ගත්තා. ජනතා මතයට කන්දී අවශ්‍ය තීරණ ගන්නවා අපි හැමවිටම.

ප්‍රශ්නය – ජනතාවට කන්දුන්නා කිව්වාට විපක්ෂ නායකතුමාට ඒ අවශ්‍ය අවස්ථාව නිසි විදියට ලබාදුන්නේ නෑනේ පක්ෂ නායකත්වය විසින්. අද වනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලය සෑහෙන වතාවක් රැස්වුනා. ඒ කවුරුත් තාම කන්දීලා නෑනේ ජනතා මතයට?

පිළිතුර – සිරිකොත වුනත් විපක්ෂ නායක කාර්යාලයේ වුනත් මාධ්‍ය හමුවකදී ඇහුවොත් දෙන්න තිබෙන එකම පිළිතුර තමයි විපක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස මහතා කියන එක. එතුමා විපක්ෂ නායකයා ලෙස දැන් ඉතා හෙඳ කාර්යයක් සිදුකරමින් සිටිනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයත් මන්ත්‍රි කණ්ඩායමත් ඒකමතිකව තීරණය කළා නායකයා සජිත් සහ සන්ධානගතව තරඟ කළයුතුයි කියන එක. නාම යෝජනා මණ්ඩලයේ නායකත්වය එතුමාට ලබාදීමට තීරණය කළා. ඒ අනුව ජයග්‍රාහී මාවතක ගමන් කරමින් සිටිනවා. ලාංඡනය කුමක්ද කියන ගැටළුවට පමණක් පිළිතුරක් සෙවිය යුතුයි. අවසානයේ බහුතර කැමැත්ත අනුව නීතිමය ගැටළුවකින් තොරව එය විසඳාගන්නවා.

ප්‍රශ්නය – රට තුළ උද්ගතව තිබෙන මේ ගැටළු සම්බන්ධයෙන් විරුද්ධ පක්ෂය ලෙස යම් යම් ක්‍රියාමාර්ග නොගන්නේ ඇයි?

පිළිතුර – රැස්වීම් වලදී අපි ඒ කරුණු සඳහන් කරනවා. ජනතාව පවා කථාකරනවා. පොහොට්ටුවට ඡන්දය දීපු අය පවා කථාකරනවා ඒ ගැන.

ප්‍රශ්නය – නමුත් විපක්ෂයක් ලෙස මේ ගැටළු ගැන යම් ආකාරයකින් කටයුතු කරන බවක් පේන්නේ නෑ. පක්ෂයේ අර්බුදයට පමණක් කොටුවෙලා ඉන්න බවක් තමයි පේන්නේ?

පිළිතුර – ඒක ජනතාවත් කියනවා. ආණ්ඩුවේ අඩුපාඩුවක් පෙන්නුවාට වඩා පක්ෂයේ අර්බුදයක් ගැන තමයි මාධ්‍ය තුළ මතුවන්නේ. ඒ නිසා මාධ්‍යයට වඩා ජනතාව ඉදිරියට ගිහින් මේ ප්‍රශ්න ගැන කතාකරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ සුළු දේශපාලන පක්ෂ සමඟ සන්ධානගතව ඡන්ද ඉල්ලනවා කියලා මතයක් තිබෙනවා. ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට බහුතර ඡන්දයක් හිමිවුනේ සුළු ජාතීන්ගෙන්. මොකක්ද මේ වෙනස්කම?

පිළිතුර – මේකේ අලුත්ම තත්ත්වය මම දන්නේ නෑ. මා දන්නේ පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අපි කරපු සාකච්ඡා සහ එහිදී ගත් තීරණ ගැන පමණයි.

ප්‍රශ්නය – ඔවුන් ඔබලා සමඟ සම්බන්ධවෙලා හිටියද ඔබලාගේ සන්ධානයට එනවා කියලා?

පිළිතුර – ඒක මං හරියට දන්නේ නෑ. නමුත් පසුගිය සතිය වෙනකොට ඔවුන් අපිත් සමඟ සන්ධානගත වීමට පොරොන්දු වෙලා හිටියේ.

ප්‍රශ්නය – ඔවුන් කිව්වේ සුළු ජාතික පක්ෂ නියෝජනය කිරීමට නව සන්ධානයක් හදා ගන්නවා කියලා. එතකොට ඔවුන් ඔබලාගේ සන්ධානයට නෑවිත් ඉඳියි ද?

පිළිතුර – අපි ආණ්ඩු විරෝධී ඕනෑම බලවේගයක් සමඟ සන්ධානයක් හදනවා. ඕනෑම අයෙකුට ඒ සමඟ එක්විය හැකියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට