සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සහන කප්පාදු කරලා දැන් ආණ්ඩුව ගිනස් වාර්තාවකුත් තබා අවසන් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaයහපාලන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති සහ ලබාදෙන ලද සහන අත්හිටුවමින් වත්මන් ආණ්ඩුව සිය දේශපාලන අවශ්‍යතාවයන් සහ අරමුණු වෙනුවෙන් පමණක් කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. විපක්ෂ නායකවරයා විසින් මෙම අදහස් පළකරන ලද්දේ අද (24) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා පහත පරිදි සිය අදහස් පළකරන ලදී.

යහපාලන ආණ්ඩුව ආරම්භ කළ ගම්පෙරළිය ව්‍යාපෘතිය පසුගිය සති දහතුන තුළ නතර කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළා. ඒ වගේම මුළු රටම සංවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙන්ම පසුගිය ආණ්ඩුව රටේ ජනතාව වෙනුවෙන් දියත් කළ ගැබිණි මව්වරුන්ගේ පෝෂණ මල්ල, 2020 ජනවාරි මස සිට රාජ්‍ය සේවකයින්ට සහ විශ්‍රාමිකයින්ට ලබාදීමට නියමිතව තිබු වැටුප් හා දීමනා වැඩිකිරීම්, පාසල් දරුවන්ගේ නිල ඇඳුම් වවුචරපත් වැනි ජනතා සහන නවතා දැමීමට කටයුතු කරලා.

ජනතා සහන, සංවර්ධන ක්‍රියාවලි නතර කර ආණ්ඩුව මේ වනවිට ගිනස් වාර්තාවක් පවා පිහිටුවලා තිබෙන්නේ. මහින්ද රාජපක්ෂන මහතා ඉන්දියාවට ගිහින් කිව්වා ණය ගෙවාගැනීමට නොහැකි නිසා ණය විරාමයක් ලබාදෙන්න කියලා.

චීනය ඒක දැක්කහම චීනයත් එවැනි ණය විරාමයක් ලබාදීමට කටයුතු කරාවි යැයි මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. විදේශ සංචාරයට එක්වෙමින් එලෙස පැවසූ අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ ණය සීමා ඉහළ දැමීමට පාර්ලිමේන්තුවට යෝජනාවන් ඉදිරිපත් කළා. විරුද්ධ පක්ෂය ඊට දැඩි විරෝධය පළකළ නිසා ඒ යෝජනාව හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවුනා.

විදේශ ණය ලබාගනිමින් ජනතාවට සහන ලබාදෙමින් සතුටින් සිංහල අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව ලබාදීම සුදානම් වනවිට ඊට එරෙහිව විපක්ෂය කටයුතු කරන බවට ආණ්ඩුව චෝදනා කළද එම චෝදනා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂය රටේ ජනතාවට එරෙහිව කටයුතු කරන්නේ යැයි අසත්‍ය වාතාවරණයක් සමාජගත කර ජනතාව මුලාවට පත්කරලා ආණ්ඩුවට අවශ්‍ය කටයුතු සිදුකිරීමට තමයි මේ උත්සහ ගන්නේ. මෙම තත්ත්වය දැඩිලෙස හෙළාදකිනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්ව මේ වන විට සති 13 ක කාලයක් ගතව ඇති අතර එම කාලය සඳහා මෙන්ම ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන තෙක් රටට අයවැයක් ඉදිරිපත් කිරීමට වත්මන් පාලකයින් කටයුතු නොකළේ ඇයි? ජනාධිපතිවරණයේ දී ජනතාවට වූ පොරොන්දු ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් ඒ සඳහා විපක්ෂය ලෙස පුර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරනවා. ආණ්ඩුව ඉතාම දුර්වල මූල්‍ය කළමණාකරනයක් දියත් කරමින් සිටින නිසා කිසිදු ජනතා සහනයක් හෝ සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නොහැකිව සිටිනවා.

අද වනවිට රටේ සෑම අංශයක්ම ව්‍යාකූල වෙලා. ඒ නිසා බොරු බේගල් හදමින් සමාජය තුළ හෙඩ් ලයින් නිර්මාණය කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම ඉදිරි මහමැතිවරණය ඉලක්ක කරගනිමින් ඉදිරියේ දී අප නිර්මාණය කරන ජනතාවාදි ගමනට සමඟි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ සිටින සියළුම දෙනාටත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයන්ටත් ආදරයෙන් ආරාධනා කරනවා.

මෙහිදි මාධ්‍යවේදීන් විසින් විමසන ලද ගැටළු සඳහා සජිත් ප්‍රේමදාස මහතා පහත පරිදි පිළිතුරු ලබාදෙන ලදී.

ප්‍රශ්නය – සමඟි ජන බලවේගය එක්ක ඉන්න පෙරමුණේ පක්ෂ ගැලවෙන්න යනවා නේද?

පිළිතුර – නෑ. ඔවුන් අපි සමඟ ඉන්නවා. කාරණාව ඒක නෙවේ, ආණ්ඩුව කරන බොරුව සහ ද්විත්ව රංගනය තමයි හෙළිදරව් කරන්න ඕන.

ප්‍රශ්නය – ගිය ආණ්ඩුව බිල් ගෙවුවේ නෑ කියනවා නේද?

පිළිතුර – සති දහතුනක් අයවැයක් නොගෙනාවේ ඇයි. සහන කපපු සල්ලි කෝ. ප්‍රශ්නය – රාජ්‍ය ආදායමේ බිලියන හයසීයක් නැති වුණේ කොහොමද?

පිළිතුර – ඒක ආණ්ඩුවෙන් තමයි අහන්න ඕන. හැබැයි අපි කියන්න ඕන මේ මෝඩ විපක්ෂයක් නෙවේ. ඒකයි අපි කීවේ ණය සීමා ඉහළ දානවට විරුද්ධයි. සහන දෙනවට පක්ෂයි කියලා. නමුත් මේ අය දෙකම හකුලා ගත්තා.මෙයාලා ආවේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම හදන්න්නනේ. කෝ ඒක. මේ ආණ්ඩුව රට පඹගාලක පැටලලා තිබෙන්නේ. රනුක්ගේ වාර්තාවෙන් ලක්ෂ 15 ක රජයේ සේවකයින්ට වැටුප් වැඩි කරන්න අපි නිර්දේශ කළා. මෙයාලා නතර කළා. මෙහෙම කපපු සල්ලී කෝ. මේ පෙන්වන්නේ ආණ්ඩුවේ නොහැකියාව.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට