සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමේ පොරොන්දුව ඉටුවනු ඇතැයි විශ්වාස කළ නොහැකියි – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ්

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ පාලනය තුළ වෘත්තීය සමිති පත්ව තිබෙන ඉරණම පිළිබඳ මේ වනවිට සෑම දෙනෙකුටම අවබෝධකරගත හැකිව තිබෙන බවත් වතු කම්කරුවන්ට ලබාදීමට නියමිත වැටුප් වැඩිවීම ලබාදීමට පොරොන්දු වුවද එය ඉටුවනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (27) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලද අතර එහිදී තවදුරටත් පහත පරිදි මාධ්‍ය වෙත අදහස් පළකරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා ඔහු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් රුපියල් 1000 ක් දක්වා වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බව. සජිත් ප්‍රේමදාස මහතා කිව්වා තමන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළොත් රුපියල් 1500 ක් දක්වා වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දමන බවත් පැවසුවා. නමුත් ජනාධිපතිවරණය නිමවෙලා මේ වනවිට මාස තුනක් ගතවෙලා. මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වතුකරයේ ජනතාවට ලබාදුන් ඒ පොරොන්දුව ඉටුකිරීමට පියවර අරන් නෑ.

වත්මන් ආණ්ඩුව වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම මාර්තු මස 01 වන දින සිට ලබාදීමට කටයුතු කරන බව පැවසුවත් ඒ මාසයේ වැටුප ලබාදෙන්නේ 2020 අප්‍රේල් 10 වනදා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් බවට පත්කිරීම වතු කම්කරුවන් මුලාවට පත්කිරීම සඳහා ලබාදෙන ඡන්ද පොරොන්දුවක් පමණයි. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් බවට පත්කරන යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති නිසා එය තවදුරටත් කල්දැමීමට පියවර නොගෙන කඩිනමින් එම වැටුප් වැඩිකිරීම වතු කම්කරුවන්ට ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

අද වනවිට රජය සතු වතු සමාගම් සියල්ලම විනාශවෙමින් පවතින නිසා ජනාධිපතිවරයා මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කළ යුතුයි. වතු කම්කරු ප්‍රජාව තුළ සිටින්නේ දෙමළ ජනතාව පමණක් නොවෙයි. සිංහල ජනතාවත් සිටිනවා ඒ තුළ. ඒ ගැනත් අවධාකනය යොමුකරමින් ආණ්ඩුව කටයුතු කළ යුතුයි. පසුගිය ආණ්ඩුව වගේ වතු කම්කරුවන් සමඟ සෙල්ලම් කරන්න එපා කියලා ආණ්ඩුවෙන් ඉල්ලනවා.

මෙරට වතු සමාගම් සියල්ලම එක්ව අද වන විට සියළුම වතු කම්කරුවන්ට නිවාස ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදිලා. වතු සමාගම් සිය වගකීම හා යුතුකම ඉටුනොකර දේශපාලනය කිරීමට පියවර අරන්. වතු සමාගම් වල අයිතිකරුවන් ලෙස කටයුතු කරන්නේ දේශපාලඥයින්ද යන සැකය අද වන විට මතුවෙලා. ඇතැම් දේශපාලඥයින්ට අවශ්‍ය පරිදි වතු සමාගම් කටයුතු කරන තත්ත්වයකට පත්වෙලා. මෙම තත්ත්වය කඩිනමින් වෙනස් කර වතු කම්කරු ජනතාවට රුපියල් 1000 ක දෛනික වැටුප් විඩිවීම ලබාදිය යුතුයි.

ඉදිරි මහමැතිවරණයේ දී කිසිදු තරඟයකින් තොරව සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා. එතුමාට වතුකරයේ ඡන්ද ලක්ෂ 15 ක් සහ උතුරු නැගෙනහිර, වන්නි දිස්ත්‍රික්කයන්හි ඡන්ද විශාල ප්‍රමාණයක් පවතිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට