සත්‍යයේ පුවත් අඩහැරය….

“සෞභාග්‍ය යේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට දින 100 ක් වුවත් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව මෙතෙක් සමත්ව නෑ – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා

Podu Jana Peramunaවර්තමාන ආණ්ඩුවේ “සෞභාග්‍ය යේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අද වනවිට දින 100 ක කාලයක් සම්පූර්ණ වී ඇති නමුත් බලයට පැමිණීමේදී ජනතාවට ලබාදෙන ලද පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව සමත්ව නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (27) සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් කාවින්ද ජයවර්ධන මහතා විසින් මේ බව සඳහන් කරන ලදී.

මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් සිය අදහස් පළකරමින් පහත කරුණු සඳහන් කරන ලදී.

ජනතාවට ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකිරීම හා පාස්කු ප්‍රහාරය පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීම මේ වනවිට සිහිනයක්ම බවට පත්වෙලා. එම පොරොන්දු ඉටුකරන්නේ ඉදිරි මහ මැතිවරණයෙන් පසුව බව ආණ්ඩුව මේ වනවිට පවසා සිටියත් ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු එම පොරොන්දු ඉටුකරන බව ජනාධිපතිවරණ සමයේදී එම පිරිස් පැවසුවා. නමුත් ජනාධිපතිවරණය ජයගෙන මේ වනවිට මාස තුනක් ගතවුවත් මෙතෙක් එම පොරොන්දු ඉටුකර නෑ.

ලබන අප්‍රේල් මස මහමැතිවරණය පවත්වන බැවින් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුම මෙම මැතිවරණයේදීත් ඉදිරිපත් කරාවි. මහමැතිවරණය අවසන් වූ පසු කියාවි පළාත් සභා, පළාත් පාලන මැතිවරණ වලින් පස්සේ ඒ පොරොන්දු ඉටුකරන බව පවසාවි නැවත. එම මැතිවරණයන් පැවැත්වීමෙන් පසුව ආණ්ඩුවේ මෙන්ම ජනාධිපතිවරයාගේ ධුර කාලයද අවසන් වේවි. ඒ නිසා ආණ්ඩුව ලබාදෙන සියළුම පොරොන්දු කිසිදු දිනෙක ඉටුනොවන සිහින බවට පත්වේවි.

2015 ජනාධිපතිවරණයෙන් බලයට පත් යහපාලන ආණ්ඩුව ජනතා සහන ඉටුකිරීමට දින 100 ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒ අනුව සියළු සහන දුන්නා ජනතාවට. නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත් වු විගසම පැවති ආණ්ඩුව ජනතාවට ලබාදුන් සියළුම සහන කප්පාදු කළා. රණවිරුවන්ට මුහුණදීමට සිදුව ඇති සියළුම ගැටළුවලට විසදුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව කඩිනමින් පියවර ගතයුතුයි.

මේ වන විට ආණ්ඩුව මර්දනය ආරම්භ කරලා. නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා කළ විශාල පිරිසක් දේශපාලන පළිගැනීම් ලෙස සේවයෙන් ඉවත් කරලා. පසුගිය ආණ්ඩුව විසින් වසර ගණනාවක් සිට පැවති ගුරු, විදුහල්පතිවරුන්ගේ ගැටළු විසඳිම සඳහා යෝජනා සකස් කරලා තිබුනා. නමුත් ආණ්ඩුව ඒ යෝජනාව අහෝසි කරලා. ආණ්ඩුව කුමක් කීවත් එය සිදුකළ යුතු වන්නේ ජනතාව ඉදිරියේ වන නිසා මෙම ජනතා විරෝධි පාලනයට එරෙහිව ඉදිරි මහමැතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුවක් ලබාදේවි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට